රංජන් කස්තුරි
මේ දිනවල විදුලිබලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනිකව අධික විදුලි ඉල්ලුමක් පවතින අතර ජලවිදුලි ජනන හැකියාව ද අඩුවී ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
වියලි කාලගුණික තතත්වය හේතුවෙන් ජල විදුලි ජනන හැකියාව 20% කින් පමණ අඩුවී තිබෙන අතර දෛනිකව විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.4 උපරිම තත්ත්වයකට පත්ව තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.
අනවශ්‍ය විදුලිපහන් නිවා දමා සහ හැකිතාක් අවමයෙන් විදුලිය භාවිත කිරිමෙන් රටට විදුලිය ඉතිරිවන අතර විදුලිබිල අඩුවීමක් ද සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහෙන් මංගල ඇමතිතුමා හැමෝටම ඉලෙක්ට්‍රික් කාර් ගන්නලු, මෙහෙන් මණ්ඩලය කියනවා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නලු...
අර කෘතිම වැසි වස්සන ව්‍යාපෘතියට මොකද වුණේ...?
දැන් මාස 7 කට 8 කට පෙර වාන් දොරටු ඇර ඇර වැඩිපුර තිබෙන වතුර ටික මුහුදට ඇරියා. දැන් කියනවා වතුර නැහැලු. පාර්ලිමේන්තුවේ කාලකන්නි 225ම කිසිම වැඩක් නොකර එකාට එකා කාගනිමින් කාලය කා දමනවා. මෙවැනි දේවල් සැලසුම් සහගත ලෙස කලානම් ලංකාවට කවදාවත් ජල හිඟයක් එන්නේ නැහැ.
පසුගිය අවුරුදු 4 1,/2 ටම කිසිම බලාගාරයක් අලුතෙන් සාදන්න බැරිවුණු නිසා වැඩිවන ඉල්ලුමට දෙන්න තරම් විදුලිය උත්පාදනය කරන්න බැරි එක නේද ඇත්ත හේතුව?
ණය නොවී නැවත අලුතින් විදුලි බලාගාර සදන්නට බැහැ. මීට ඇති හොඳම විකල්පය නම් සුර්ය කෝෂ ප්‍රචලිත කර විදුලිය ජනනය කිරීමයි.
මම අපේ ගෙදර වහලෙ විදුලිය හදල ග්‍රිඩ් එකට දෙනවා. අද යුනිට් 9.6 ක් නිෂ්පාදනය කළා. දවසක ගෙදර පාවිච්චිය යුනිට් 4.5 යි ඉතිරියට රු22 ගානෙ ලැබෙනවා. වියදම රු 470,000.00 යි. විදුලි බිල කෙතරම් වැඩි වුනත් මම බය නැහැ.
මේ දිනවල පමණක් නොව ඕනෑම වේලාවක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම කල යුතු නොවේද?
මම ඉන්න රටේ මෙවැනි අවස්ථා ඇති වුණාම කියන්නේ අනවශ්‍ය විදුලි උපකරණ අක්‍රීය කරන්න කියා. ඒ විතරක් නොවේ වායුසමනය ඇති නිවෙස්වල උෂ්ණත්වය තව අංශක කිහිපයකින් වැඩි කරන්න කියලා. මේ රටේ විදුලි පද්ධතිය මෙතෙක් බිද වැටී නැත.
තවම බැරි වුනා පීක් ඔෆ් පීක් ඒකක වෙනම ගණනය වන මීටරයක් සවිකරලා, මිල ගණන් දෙකක් යටතේ අයකරන්න,