(අංජුල මහික වීරරත්න)
පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද රණවක මහතා කීය.
‘පැන්සල’ ලකුණින් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පැවති ජනහමුවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
"මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ යනුවෙන්ද රණවක මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්
ලූට මූස් Monday, 31 March 2025 12:36 PM
ඡන්දෙන් පස්සේ අපිට වෙන වැඩේ කියන්න කලින්, ඡන්දෙන් පස්සෙ ඔයාට වෙන වැඩේ කියන්න පුළුවන්ද?
පිටරටවැසියා Monday, 31 March 2025 12:37 PM
මෙයා විදුලිබල ඇමති වෙලා හිටියානම් ගෙදරින් ගෙනල්ලද පාඩුව පියවන්නෙ? බලයේ හිටපු කාලේදී එහෙම වෙන්න ඇති කරන්න ඇත්තෙ?
සෙනෙවිරත්න Monday, 31 March 2025 12:39 PM
තමන් හිටපු ආණ්ඩුවල ඔය වගේ ඒව නිසා වෙච්ච පාඩු අයකරගත්තද? මේක හිතාමතාරජය කල දෙයක් වගේ මේ ළදරු ආණ්ඩුවට මෙයා චෝදනා කරන්නෙ. අමතකද බැඳුම්කර මගඩිය වෙනකොට තමුන්නැහැ ඒ රජයෙ ඇමති.
Mohan Mangala Mapa Monday, 31 March 2025 12:48 PM
විසඳුම නිලධාරීන්ට දැඩි දඬුවම් කිරිම
රම්බොඩ Monday, 31 March 2025 01:30 PM
ඒ ගැන කිසිම වගවීමක් නෑ. වෙන රටක නම් කට්ටියට ගෙදර. පාර්ලිමේන්තුවට පනතක් ගේන හැම වෙලාවකම රට පුරා විදුලිය නැතිවෙනවා. මේවා ගැන හොයනව මදි. ඔවුන් ඒකාධිකාරයක් හදාගෙන.
de silva Monday, 31 March 2025 01:38 PM
පක්ෂ විපක්ෂ හැමෝම කටවහගෙන අපේ කොමිස් කුට්ටිවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න. ඇඟිලි ගහන්න ආවොත් මීට වැඩිය ලොකු පාඩුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..
de silva Monday, 31 March 2025 01:41 PM
පිට රට වැසියා සහ සෙනෙවිරත්න නොදන්නා දේවල් කතා කරන්න එපා. මම මෙතුමාගේ දේශපාලනය එකඟ නොවුණත් ඇත්ත කියනවා. මොහු විදුලිබල සහ බලශක්ති ඇමැති වෙලා හිටපු කාලේ මණ්ඩලේ ලාභ ලැබූ බව ඔබලා දන්නේ නැද්ද?...
අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:58 AM
සිල්වාට නිකම් පිස්සු වගේද ? මෙයාගේ කාලයේ හොදටම ලාබ ලැබුවේ එයාම තමයි ගල් අගුරු වලින් එහෙම......
nisansala Monday, 31 March 2025 01:44 PM
මුන්ගේ බැංකු ගිණුම් වත්කම් දේපල විගණනයක් කළා නම් හොදට හොයා ගන්න පුළුවන් හිතවත් කම් ගැන
Neel Monday, 31 March 2025 04:34 PM
මේයා කියන දේවල් කවුරුවත් වැඩිය ගනන් ගන්නේ නැහැ. මොකද ගල් අඟුරු වලින් ලාබයි.
මාෆිලා Monday, 31 March 2025 05:49 PM
මිනිස් ලේ ඉල්ලන ජාතිවාදීන්... !!!