
(අමදෝරු අමරජිව)
තඹලගමුව ගල්මැටියාව උතුර උල්පත්වැව රක්ෂිත මායිමේ විදුලිසැර වද්දවා මරා දැමුණු වල්අලි මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පොලිසිය පවසයි.
රක්ෂිත මායිමේ පදිංචිකරුවන් කටුකම්බි වැටවල්වලට රාත්‍රි කාලයේ විදුලිය ඇද ඇති අතර අලි මිනිස් ගැටුම නිසා ඔවුන් මෙම ක්‍රියාවට පෙළබී ඇතැයි පොලිසිය කියයි.
රක්ෂිත මායිමේ මියගොස් සිටි අලි දෙදෙනා ආසන්නයේ වැටවල් පරික්ෂා කිරිමේදි විදුලි රැහැන් ගලවා ඉවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ මෙහෙයවිමෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට කරදර හිරිහැර කළත්, මේ සද්ධන්තයින් මෙසේ මරා දමන්නේ මොන හිතකින්දැයි සිතේ. මැරී වැටීසිටින හැටි දැක්කාම හිත වාවන්නේ නැහැ...