
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී අද (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.
එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ මහතා යන මහත්වරු සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ මහතා ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය.
එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ මහතා 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගියේය.
දෙපාර්ශවය අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී සමින්ද ගමගේ මහතා කිසියම් ලිපියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයාට ද එම තනතුර දැරිය නොහැකි යැයි පවසමින් විරෝධ පළකිරීමත් සමඟ ඔහු සහ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස අමාත්‍යවරයා දැන්වීමෙන් පසුව ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් ඉවත්කිරීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසුවේ අමාත්‍යවරයා සුපුරුදු පරිදි ගැටලුවට ‘බලමු බලමු’ යැයි පැවසීම හේතුවෙන් සමින්ද මහතා ඊට විරුද්ධව අදහස් දැක්වූ බවත් එහිදී ඔහු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා නිල් පැහැදි නිල ඇදුමින් සැරසී සිටි විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂයට පැවසූ බවත්ය.
එම වෘත්තීය සමිති නිලධාරීන් සාකච්ඡාවෙන් ඉවත් කළ ආකාරය පළිගත නොහැකි බවත් ඔවුන් ඇදගෙන ආ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක නිලධාරීන් ද එම මණ්ඩලයේ සේවකයන් බව ද මතකයේ තබාගත යුතු බවත් ඒ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව බලශක්ති අමාතයංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල වෘත්තිය සමිති නියෝජිතයන් දෙදෙනාට එම සාකච්ඡාවට සහභාගිවීමේ අයිතියක් නොමැති වුවද සහභාගි වීමේ අවස්ථාව දුන් බවත් ඔවුන් සාකච්ඡාව කඩාකප්පල් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඉවත්කළ බවත්ය.
එම සිද්ධියෙන් පසුව සමින්ද ගමගේ මහතා පැවසුවේ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සමිතියක් බවත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා අමාත්‍යවරයාට ලිපියක් භාරදීමට පැමිණි බවත්ය.
එහිදී ආරක්‍ෂක අංශ නිලධාරීන් තමන්ට පහරදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද එහිදී සමින්ද මාදුගොඩ ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චා ..චා ..බිම දිගේ ඇදගෙන ගිය එකනම් ඒ තරම් ගැලපෙන්නේ නැති වැඩක්, උඩ තට්ටුවෙන් පහලට තල්ලු කරලා දාන්නයි තිබුනේ ඕකුන්ව ,කාලකන්නි හැත්ත.
වෘත්තීය සමිතිකාරයෙක් ඇමතිට එම තනතුර දරන්න බැහැ කියන්නෙ කොහොමද ඇමතිවරයා පත්කලේ මැතිවරණයෙන් පත්වූ ජනාධිපති විසින් එහෙමනම් සමිති කාරයා ජනාධිපතිටත් ඉහලින් සිටින කෙනෙක්ද .අවුරුද 76 ක කාලයේ හිටපු පාලකයින්ට දොස් කියපු ආණ්ඩුවෙ අයට තේරෙනවා නේද මේ රට අගාධයට වැටෙන්න සැලැස්සුවේ හිටපු පාලකයො නොවෙයි වෘත්තීය සමිති කාරයෝ කියල
මේ කඩාකප්පල්කාරීන් ගෙන් විදුලිබල මණ්ඩලය නිදහස් කරගෙන රටේ / මහජනතාවගේ අවශ්‍යතාවය මත කාර්යක්ෂමව පවත්වාගෙන යනවා නම් හොඳයි.
ඇමතිතුමනි,ඔය මාපියා කාරයන්ට විදුලිබල මණ්ඩලය කාබාසිනියා කරන මේ ඉහද පනුවන්ට යටත්වෙන්න එපා. මේ අය බලයේ හිටිය නම් විදුලි බල මණ්ඩලය අදානිට විකුනලා.ජනතාව ඔබලට ඡන්දෙ දුන්නෙ ඹය වෙනස්කම් කරන්න.
මෙම වාර්තාව සම්පූර්ණයෙන් ඒක පාර්ශවීය වාර්තාවක් බවයි පෙනෙන්නේ, ඊයේ යූ ටියුබ් චැනල් වල ප්‍රචාරණය වු ආකාරයට මෙම පුද්ගලයන් දෙදෙනාට ඇමතිවරයා සමග පවත්වන සාකච්ඡාවට ආරාධනා ලැබි නොතිබුණි අතර එක් පුද්ගලයෙකු යම් විශමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වු අයෙක් වන අතර අනෙක් පුද්ගලයා මණ්ඩලයේ සේවකයෙක්ද නොවන බව ප්‍රකාශ විය. නීති විරෝධී ආකාරයෙන් සාකච්ඡාවට රිංගලා එය කඩාකප්පල් කරන්න හා කලබලකාරී තත්වයක් ඇති කිරීම සදහා ඇමතිවරයා අසලට ලංවිමට උත්සාහ කිරිමේදි මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන්ට ඔහුව එම ස්ථානයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා. සාකච්ඡාවට සම්බන්ධ වු කිසිදු පාර්යශවයක විරෝධයක් ඒ සම්බන්ධයෙන් නොතිබුණි බවත් සාකච්ඡාව දිගටම කරගෙන ගිය බවටත් තමයි වාර්තා වුණේ.
ඇයි ඔයගොල්ලන්ට බැරි මහත්වරුන් වගේ CEB එක මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන්න ? ඔයා යන හැමතැනම ඔයාගේ පන්තිය පෙන්නන්න ඕනද? මේක ලැජ්ජාවක්. ලැජ්ජයි.
බලය නැතුව ඉන්නකොට කරා වගේ නෙමෙයි දැන්
මෙම පුවත සම්පුර්ණයෙන්ම එක පාර්ශවිය පුවතක් බව හොදින් වැටහෙනවා . මෙම දෙදෙනා කිසිම ආරාධනාවක් නැතුව පැමිණි අතර ඔහුන්ගේ ප්‍රධානම අරමුණ මෙම සාකච්ඡා කඩාකප්පල් කිරීම