(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරිමට ගිය තිදරු පියෙකු රක්ෂිතය හරහා ඇද තිබු අනවසර අධි බලැති විදුලි රැහැනක ගැටි එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව වත්ත පහල කොටසේ පදිංචි සෙල්ලප්පන් සංකර් නැමති (46) හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු තවත් පිරිසක් සමග සංචරණ සිමා නිතියද උල්ලංඝනය කරමින් තම නිවසට පහලින් වු කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරිමට ඉදිරියෙන්ම ගමන් කල මරණකරු අනවසර විදුලි රැහැනේ ගැටි එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
කෙසෙල්ගමුඔය රක්ෂිතයේ රාත්‍රි කාලයේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් කෙසෙල්ගමුඔය රක්ෂිතය අසලින් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියකින් අනවසරෙන් විදුලිය ලබාගෙන රක්ෂිතයේ විදුලි රැහන් ඇද තිබු බවට සැක කෙරෙන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සතුන් දඩයම් කිරිම සදහා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසර විදුලි රැහන් ඇද ඇති පුද්ගලයන් සහ මරණකරු සමග අනවසර මැණික් ගැරිමට ගිය පිරිස අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි රැහැනක පැටලී තිදරු පියා මරුට