(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර ඇත්දැයි කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාට යෝජනාවක් බාර දෙමින් ඉල්ලා සිටිති.
මේ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
යෝජනාව බාරදී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුවය.
සජිත් පේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල මහාචාර්ය ජී එල් පීරිස්, ගයන්ත කරුණාතිලක, නීතීඥ චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා, ඩබ්ලිව්එච් ධර්මසේන, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, බුද්ධික පතිරණ උදය ගම්මන්පිල තිස්ස අත්තනායක ,එස් එම් මරික්කාර් සහ වී රාධක්‍රිෂ්ණන් යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.
ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනයේ නීත්‍යානුකූලභාවය විමසා බලා නිත්‍යානුකූල නොවන බවට හඳුනාගතහොත් වගකිවයුත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත් පහළ පන්තියේ පාරිභෝගිකයන්,ගෘහස්ථ ආගමික හා පුණ්‍යායතන පාරිභෝගිකයන්ට සහන සලසමින් ගාස්තු ව්‍යුහයක් සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මෙම කාරක සභාව පිහිටුවීම සඳහා ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විදුලි බිල වැඩි කිරීම සාධාරණ දැයි සොයන්න විශේෂ කාරක සභාවක්