
(උපාලි ආනන්ද සහ බී.ජී. චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු යුද හමුදා සෙබළා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට පත්කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද (14 ) නියෝග කළේය.
එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තව දුරටත් නියෝග කරනු ලැබීය.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කෙරිණ.
මෙසෙ රිමාන්ඞ් භාරයට පත් කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකි.
මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල සැකකරුගේ වැඩි මහල් සොහොයුරියද මේ මස 17වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නීය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ජයවීර මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද සහ සැරන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වරදට දඬුවම බෙලහීන කිරීම පමණයි නේද? දෙක තුනකට දෙන කොට දූෂණය නතර වෙන විදිය පෙනෙයි..
මරණ දඬුවම ගෙනැල්ලා ප්‍රසිද්ධියේ එල්ලා මරන්න. එතකොට ඕවා නවතියි.