
(නිමල කොඩිතුවක්කු)
2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ බවත් සුගතදාස මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ දොස්තර කෙනෙක්ට හචිමක් ගියත් ඒක රටේ ප්‍රධාන මාතෘකාවක් සහ රටේම ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි කියල මටනම් තේරෙන්නෙ නැ. ලංකාවෙ පත්තරයක් හරි රූපවහිනිය හරි රේඩියොවක් හරි ඇහුවොත් අනිවාර්යෙන්ම වෛද්‍ය කියල කෑල්ලක් තියෙනවාමයි. වාහන විකුනනකොට, පාසල් ළමුත් ඇතුලත් කිරීමේදී, වැටුප්, මාරු වීම්, දීමනා, ඇඟිලි සළකුනු, පුද්ගලික විශ්ව විද්‍යාල. එක්කො මේ රටේ වෙනත් වෘත්තිකයන්ට ප්‍රශ්න නැ. නැත්තම් මේ රටේ ඉන්නෙ දොස්තරල විතරයි. මම රැකියාව කරපු සෑම රටකම වෛද්‍ය වෘත්තිය කියන්නෙත් එක්තර වෘත්තියක් විතරයි. මේරටෙ හැමදාම දොස්තරලට ප්‍රශ්නනෙ. ප්‍රශ්න නැති දවසක් නෑ වගේ. දොස්තරකෙනෙක්ට පුද්ගලික ප්‍රශ්නයක් ආවත් ඒ කියන්නෙ ඉඩම් ප්‍රශ්නයකට මනුස්සයෙක් ගැහුවත් ඒකත් රටේම ප්‍රශ්නයක්.
දොස්තර කියලා විශේෂයක් අවශ්‍ය නෑ. මේ අය හැම වෙලේම අයින් වෙන්න බලනවා. හැබැයි දූෂණය හමුවේ මීක් සද්දයක් නෑ. මහ උද්දච්ච ජාතියක්...
මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න තක්කඩි නිලධාරීන්ට මේ ආණ්ඩුව හිසරදයක් වෙලා තියෙන බව පෙනෙනවා. ඒකට ඉක්මණින් බෙහෙත් දෙන්න සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගත යුතුයි. නැත්නම් ජනතාව හැටියට අපිට තීරණයක් ගන්න වෙනවා...