IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෛද්‍යවරු-බැංකු නිලධාරීන් ‘කළු සතියක්’ අරඹයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද (23) දිනයේ ආරම්භ කළේය.

ඒ අනුව රටපුරා වෛද්‍යවරු ඇතුළු රෝහල් නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ඇතුළු ආයතන රැසක නිලධාරීන් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළ අතර ඇතැම් ආයතන ඉදිරිපිට විරෝධතා ද පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.   


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (17)

වෛද්‍යවරු-බැංකු නිලධාරීන් ‘කළු සතියක්’ අරඹයි

සුප්පයියා Monday, 23 January 2023 07:11 PM

මෙච්චර කල් ලෙඩ්ඩුන්ගෙන් සූරාගෙන කාපුවා මදිද?බැංකුවේ කට්ටියත් ඕක මොකක්ද? ඊලගට වැඩිම ප්‍රතිලාබ ගන්නේ ඒ කට්ටියනේ. අහිංසක ජනතාව මේ හාමතේ. අනුකම්පාවක් එහෙම නැද්ද හිතේ

:       0       1

sampath Monday, 23 January 2023 08:09 PM

විසඳුමක් නැති අර්බුධයක් අවසානයේ දේශපාලකයන්ද ,නිලධාරීන්ද අහිංසක ජනයාම පෙළමින් සිටී

:       0       1

මැක්ස් Monday, 23 January 2023 08:21 PM

අව්රුදු 13ක් නොමිලේ ඉගෙන ගෙන, තවත් අවුරුදු කීපයක් විශ්ව විද්‍යාලයේත් නොමිලේ ඉගෙන ගෙන, ලෙඩට දුකට රජයේ ඉස්පිරිතාලෙට ගිහින් නොමිලේ බෙහෙත් අරගෙන දැන් කියනවා බදු ගෙවන්න බැහැලු. මෙයාලට තේරෙන්නේ නැද්ද රටේ පොදු මහත් බහුතරය විසින් ගෙවන ලද වක්‍ර බදු මුදලින් තමයි මේ ගොල්ලෝ අධ්‍යාපනය ලැබුවේ, ලෙඩට බෙහේත් ගත්තේ කියලා. අපෙ කාන්තාවෝ ගෘහ සේවක තනතුරුවලට මැද පෙරදිග රටවලට ගිහින් එවන ඩොලර් සොච්චමෙන් තමයි මෙයාලා සැප විදින්නේ, වාහන ගන්නේ කියල. මෙයාල මේ වහෙන් ඔරෝ බාසාවෙන් කියන්නේ මෙයාලව බේරලා වක්‍ර බදු ගහලා අහිංසක මහා ජනතාව තව දුරටත් අමාරුවේ දාන්න කියල නේද!

:       0       1

සිල්වා Monday, 23 January 2023 08:34 PM

බදු ගෙවන්න බැරිනම් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙයි.

:       0       0

sugath Monday, 23 January 2023 10:55 PM

පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, මාර්ග පද්ධති නඩත්තුව, සමුර්ධි දීමනා, පොලිස් සේවය යනාදී මහජන සේවා කිසිවක් "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. ඒවායේ පිරිවැය සඳහා බදු මුදල් අවශ්‍යයි. මේ සේවා තව දුරටත් අවශ්‍ය නම් බදු මුදල් ගෙවීම සැමගේ යුතුකමයි.

:       1       2

සමුර්ධිකා Monday, 23 January 2023 11:04 PM

ඇත්තටම මටනම් මාස තුනකට වත් ලක්ෂයක් ආදායම් ගන්න බැහැ. එහෙම වුනත් මාසික ආදායම මෙම වසරේ අයවැයට පෙර තිබුනු ආකාරයට අයකලොත් රටට සේවයක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ ආකාරයට කටයුතු කලාම අඩුවෙන ආදායම් ඇති හැකි අයට පාක්ෂික හිතවතුන්ට දෙන මුදල් ලබාදීම නවතා ගැනීමෙන් කරන්න පුළුවන්. ඇත්තටම සමුර්ධි කියන්නෙ නාස්තියක් කියලා කියන්න පුළුවන්

:       0       0

Nalins Monday, 23 January 2023 11:13 PM

තව හාමුදුරුකෙනෙක් ආවා....අනේ ඔහුව එලවන්න....

:       0       1

Bamunuarachchi Tuesday, 24 January 2023 03:19 AM

ඕන මගුලක් කර ගන්න ඒක අපිට අදාළ නැහැ. බදු ගෙවන්න අපි දන්නවා ඔහෙලා ලබන ආදායම.. මොකද බදු වැඩී කියලා වෙන රටකට යන්නද? මෙහෙ හිටු කියලා බදු ගහන්නේ වැටුප ගන්න කොටම 30% බදු.

:       3       6

de silva Tuesday, 24 January 2023 07:15 AM

වැඩියෙන් හම්බකරන දොස්තරලා බැංකු නිලධාරියෝ බදු ගෙවන්නේ නැතුව රට ගොඩ නගන්න බැහැ.

:       3       4

pakeer Tuesday, 24 January 2023 08:36 AM

අපිට හම්බ වෙන පඩිය දන්නවානම්, ඔයාලා වැඩ කරන්නෙම නැහැ.

:       2       5

sharm warn Tuesday, 24 January 2023 09:02 AM

මමත් ඇන්දේ කළු.

:       1       4

BamunuarachchiWednesday, 25 January 2023 05:56 PM

යාන්තං ඇති. මෙපමණ කලක් නිර්වස්ත්‍රව ඉඳලා, පෙන්නලා අනුන්ගේ පිහිටෙන් කළු රෙද්දක්වත් ඇඳ ගත්තු එක...

:       0       1

Lalla Tuesday, 24 January 2023 09:03 AM

ගෙවන බදු ගෙවිය යුත්තේ පුද්ගලික අංශයෙන් පමණක්ද? එය ඔවුන්ගේ ඉල්ලීමද? රාජ්‍ය බැංකුවල වැටුප් ලබන්නන්ට සහ ජනසතු කරන ලද සේවා සේවකයන්ට ඔවුන්ගේ ආයතනවලින් වැටුප් ගෙවනු ලැබේ. වක්‍රව රටේ සාමාන්‍ය ජනතාව මේ ශ්‍රමිකයන්ට මෙතෙක් ගෙවූ බද්ද? මෙය තවදුරටත් වලංගුද?

:       0       7

prasadTuesday, 24 January 2023 11:54 AM

ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය සේවකයින් හා පුද්ගලික සේවකයින්ගේ මාසිකව ගිණුම් ගත වන පඩි පතින් ටැක්ස් කපන විට දේශපාලකයින් ඇතුලු ගිණුම් ගත නොවන ආදායම් ලබන අයගෙන් ටැක්ස් කැපීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීමයි. එසේම ගෙවන ටැක්ස් මුදල් නිසි පරිදි භාවිතා වන බවට මහජනතාවට විශ්වාසයක් ඇති වන ලෙස පත්වන ආණ්ඩු ක්‍රියා නොකිරීමයි.

:       0       7

LallaTuesday, 24 January 2023 02:09 PM

ජනසතු සොවාවල සේවකයන්ගේ බදු ඒ ආයතන වලින් ගෙවනු ලැබේ. එය මහජනයා විසින් ඔවුන්ගේ බදු ගෙවීමට සමානයි.අසාධාරණ ක්‍රියාවක්.

:       0       0

Nihal Tuesday, 24 January 2023 02:37 PM

කලයුත්තේ බදු ගෙවන්නා මිරිකා බදු අයකිරීම නොව, නිදහස් ආදායම් සීමාව ඉක්මවන රටේ සෑම පුරවැසියකුගෙන්ම (ජනාධිපතිගේ සිට යාචකයා දක්වාම) සාධාරණ බදු අයකිරීමක් කල යුතුය.

:       0       1

Sirisena Tuesday, 24 January 2023 02:18 PM

බෙහෙත් නැතුව ,කන්න නැතුව මිනිස්සු අමාරුවේ වැටිලා ඉද්දී සද්ද නැතුව හිටපු දොස්තරලා බැංකු නිලධාරීන් දැන් පාරට බහිනවා එයාලාගේ පඩියට ටැක්ස් ගැහුවාම මිනිස්සු සූරා කාලා හොයන මහා ධනයට බදු ගහන් නැතුව දුප්පත් මිනිස්සුන්ට බදු ගහන්න කියලද මෙයාල කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site