(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද (23) දිනයේ ආරම්භ කළේය.

ඒ අනුව රටපුරා වෛද්‍යවරු ඇතුළු රෝහල් නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ඇතුළු ආයතන රැසක නිලධාරීන් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළ අතර ඇතැම් ආයතන ඉදිරිපිට විරෝධතා ද පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.   


(ඡායාරූප: ශාන්ත රත්නායක)