
(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය රෝහල් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිමේ රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල විය.
මේ වන විට තම රථවාහන ඉන්ධන නොමැතිව මහ මග නැවතී ඇති බවද දහස් ගනනක් වූ රෝගී ජනයාට අඛන්ඩව ප්‍රතිකාර ලබා දීම සඳහා වහා ඉන්දන ලබාදෙන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලීමක් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට ඉන්ධන ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති කමින් මෙම තත්වය උදා වී ඇති බවද ,ඉන් රෝගී ජනයාටද බලවත් අසාධාරණයක් සිදුව ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ රෝහලේ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වන බවයි. රෝහලකටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
රෝහල් බාහිර රෝගී අංශ අඩාල වීමෙන් බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි පිරිස් ආපසු හැරී යන අයුරුද දක්නට ලැබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට මේ තත්වෙට ගෙනාපු ගෝටා ඇතුළු දේසපාලකයෝ ඔක්කොටම සාප වේවා.
ඔයාලට පාරේ බස් එකේ වැඩට යන්න ලැජ්ජයි ද? රටේ තත්වේ දැනගෙන ඔහොමේ ගොන් වැඩ කරන එක නතර කරන්න මම නම් කියනදේ සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනයට බස් රත දෙක තුනක් දාන්න. එතකොට තෙල් පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ , තමන්ගේ වහනෙන්ම වැඩට එන්න ඕනෙත් නැහැ
කාර් එකෙන් බිමට බහින්න බැරි අමුතු මානසිකත්වයක ඉන්න පිරිසක්. මෙ රටවල් හදන්න බෑ. සමහර රෝහල් වල ඩොස්තර ඉන්නෙ 100M එහා .. හැබැයි වැඩට එන්න තෙල් ෑලු. රට පිටින්ම පිට රටකට විකුන්නන්න ඔනි මෙව හදනවනම්.