
(යොහාන් භාසුර)
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඒ ආකාරයටම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අද (28) පස්වරුවේ පැවසීය.
එම සංගමයේ මූලස්ථානයේදී අද (28) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව වෛද්‍ය සුගතදාස මහතා කීය.
ඒ අනුව රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම සහ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම යන වෘත්තිය ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.
ඊට අමරතව අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටලුවට සාධනීය ලෙස විසඳුමකට එළඹ, එය ප්‍රකාශයට පත් කරමින් මහජනතාවට ඉදිරියේදි සිදුවිය හැකි පීඩාවක් වේ නම් එය වළක්වා ගැනීමට ඉදිරි පැය 48 ක කාලයක් දීමට ද තීරණය කළ බව ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජන ජීවිතය ගලවන්න ඉන්න දෙවිවරු කියලා සාමාන්‍ය ජනතාව වන්දනාමාන කරන වෙදුන් පොදුජන මාර පුත්‍රයින් වීම කණස්සල්ලට හේතුවක් නොවේද?
ලංකාවේ වැඩියෙන්ම ගැටලු තියෙන මේ අහිංසක අසරණ ඉහළම වැටුප් තලයක ඉන්න වෘත්තිකයින්ට තව සහන දෙන්න දරිද්‍රතාවයේ පතුලේ ඉන්න ජනතාව වහා පියවර ගත යුතුයි...
තමුන්ලට කරන්න පුළුවන් වර්ජන වතරයි. හැකිනම් ඕකට සහයට සාමාන්‍ය මිනිස්සු දහදෙනෙක් හොයාගෙන උද්ඝෝෂණයක් කරන්න,පත්‍රිකා ටිකක් බෙදන්න පොදු තැනක. එතකොට තමුන්නැහැලා ගැන ජනතාව කියන ඒව අහගන්න පුළුවන් . රටේ ජනතාවගෙන් ඉගෙනගෙන ජනතාවටම පස්ස හරවන යමයො.
ඔබ වෛද්‍යවරයකු ලෙස එළියට යාමට වැයවු මහජන බදු මුදල ගෙවීමට සූදානම් බව ඔය කොන්දේසි වලට ඇතුල් කරන්න. එතකොට ජනතාව ඔබලාට සහය වෙයි.
GMOA රජයත්සමග ඉල්ලන්නේ තර්ජනාත්මකවයි. මෙහෙම නොකලොත් අපි මෙහෙම කරනවා.එයට අමතරව ඉල්ලීම් ලබාගැනීමට deadline දෙනවා. වෛද්‍යවරු මේකරන්නේ ඉල්ලීම් ලබාගැනීම නොව තර්ජනයකි.