(අංජුල මහික වීරරත්න)

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර  තීරණ ගත යුතු බවද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.