
(නිමල් ජයරත්න)
මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්‍රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට වතුර ඉසමින් සිටි බවුසරයක පිටුපසට ගමන් කිරීමේදි, බවුසර්ය පිටුපසින්, තම වැඩිමහල් සොයුරා සමග පැමිණි අවුරුදු 5 ක පිරිමි දරුවකු එම බවුසරයේ පිටුපස රෝදයට යටවී මියයෑමෙන් පසු, කුපිත වූ ප්‍රදේශවාසීන් එම බවුසර්යට සහ බවුසර්ය අයත් ප්‍රදේශයේ වැලි සමාගමක වාහන කීපයකට මෙන්ම එම වැලි සමාගමේ දේපලවලට හානි සිදුකර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිදීතැන්න දෙවනපාර, පූනානි, ලිපිනයේ පදිංචි සාදික් මොහොමඩ් රූස්ති යන අවුරුදු පහක දරුවකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවීමෙන් පසු රියදුරුට සහ එහි සහයකයාට පහරදී බවුසරයට කුපිත වූ පිරිස් ගිනිතබා ඇති අතර අනතුරට සම්බන්ධව බවුසරයේ රියදුරු සහ රියසහයක අත්අඩංගුවට ගෙන ඇති බවද ලසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට ගත් රියදුරු ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි අයකු බවත්, රිය සහයක උල්පත්ගම හසලක පදිංචි අවුරුදු තිස්හයක් වයසැති පුද්ගලයකු බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගහලා මදි... වාහනය පසුපසට ධාවනය කරනවා නම් අනිවාර්යයෙන්ම වාහනය පිටුපසින් සහායක සිටිය යුතුයි. රියදුරුට මගපෙන්වීම සඳහා. කොහෙන් හරි කිසිම වැදගත්කමකට, චාරයක් නැති දෙන්නෙක්ව යොදාගන්නවා. අඩු පඩියට රියදුරු සහායකයා හැටියට. ඒවායේ නරක ප්‍රතිඵල තමයි මෙම ඛේදජනක සිදුවීම... අපරාදේ අහිංසක දරුවෙකුට ඔහුගේ ජීවිතය නැතිවුණා.