(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙරට පැවැත්වෙන අරගලයට සහය පළ කරමින්, ජාත්‍යන්තර කම්කරු දිනය යෙදුණු ඊයේ (1) ලොව පුරා විවිධ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයෝ විරෝධතා සංවිධානය කර තිබිණි.
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී, නිව්යෝර්ක්, නෙබ්බ්‍රැස්කා, විස්කොන්සින්, අයෝවා, ඔක්ලහෝමා, නිව්මෙක්සිකෝ, කෙන්ටාකි, අරිසෝනා, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස්, ඔරිගන් ආදී ප්‍රාන්ත රැසකදී මෙම විරෝධතා පැවැත්විණි.
මීට අමතරව නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ආදී වශයෙන් ද ශ්‍රී ලාංකිකයන් විරෝධතා සංවිධානය කර තිබිණි.
මේවාට සහභාගී වූ ලාංකික පිරිස් පැවසුවේ රටට ඩොලර් එවීමට මිලියන දෙක හමාරක් පමණ වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සූදානමින් සිටින නමුත් රාජපක්ෂවරුන් බලයේ සිටින තුරු එම මුදල් එවීමට නොහැකි බවයි.
ඔවුන් බලයේ සිටින විට එවන මුදල්වලින් රටට පළක් නොවන බව ද ඔවුහු පැවසූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගෙන් රට ලබාගෙන සුද්දගේ රටේම ඉඳගෙන සිංහ කොඩිය වනවන, දෙකට බෙදුණු සිංහල ජාතිය ගැන හරිම ආඩම්බරයි... සුද්දගේ රටේ ඉන්න දෙමළ අපිට..!
මේ වගේ විහිළු ලෝකෙට සපයන්නේ නැතුව මෙයාලා කළ යුත්තේ මහ බැංකු අධිපතිවරයා ද කී පරිදි ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හරහා විදේස විනිමය එවීමයි. කාටවත් නෙවෙයි, තමන්ගේම අම්මට තාත්තාට, නෑදෑයින්ට...
සහතික ඇත්ත. රට වැසියා, දෙමළ ඩයස් පෝරාව දෙකොණින් හිනාවෙනවා..., මේ අපත ජෙප්පන්ගේ වැඩවලට. ඒ අය සෑහෙන්න සල්ලි වියදම් කරනවා. එලොවටත් නැති, මෙලොවටත් නැති මිනිස්සු.
සිංහලයාම දෙකට බෙදිලා කිසිම හිරිකිතයක් නැතිව තම මව්බිම පාවාදෙනවා. හරිම කණගාටුයි.
හරිම සතුටුයි. රාජපක්‍ෂලාගේ නම මුළු ලෝකය පුරාම පැතිරී ගිය එකට..! ඒ කියන්නේ "ඩොලර්" කියන නමටත් වඩා ප්‍රචලිත වුණු නමක් රාජපක්‍ෂ කියන්නේ...! ඉස්සර නම් කිව්වේ" මේ සියවසේ ලෝකයේ යුද්ධයක් දිනපු එකම රට තමයි ශ්‍රී ලංකාව කියලා" එහි නියමුවා "රාජපක්‍ෂ" කියලා..!
තිබෙන ආණ්ඩුව පලවා හැරලා පාලනයට පත්කරන්නේ ජෙප්පන්වද?