IMG-LOGO

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන් සිදුකරන උද්ඝෝෂණ වලට හේතුව මෙය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ වත්මන් අර්බුදය මැඩපැවැත්වීමට  ශ්‍රී ලංකා බලධාරීන් ගෙන ඇති අනිකුත් ක්‍රියාමාර්ග  මහා ජනතාව ඔවුන්ගේ කලකිරීම  සාමකාමී උද්ඝෝෂණයක  නිරත වීම තුලින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට හා අධෛර්යමත් කිරීමට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මහ ජනතාව තැනින් තැන උද්ඝෝෂණය කිරීමට පෙළඹුණු අතර එම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හදිසි නීතිය ප්‍රකාශ කළ අතර පසුව එය ඉවත් කළේය.



අදහස් (0)

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 980 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1359 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site