IMG-LOGO

වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ ඝාතනය ලක් වූයේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර නැමැති 41 හැවිරිදි විවාහක අයෙකි.

කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේදී ප්‍රීති කුමාර මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක්  ජනවාරි මස 10 වැනිදා රාත්‍රී කාලයේ අල්ලාගෙන ඇත.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියමින්  අමානුෂික ලෙස දිගට හරහට පහර දී ඇතැයි රහස් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ප්‍රීති කුමාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් තිබිණි.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අයකු බව රහස් පොලිසිය කරන ලද පරීක්ෂණවලදී පසුව තහවුරු විය.

මෙම පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් දීර්ඝ වශයෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු පදනම් කරගෙන ඔවුන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසිය පවසයි.

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත මිනීමැරුම් විමර්ශන අංශය බාර සහකාර පොලිස් අධිකාරිි මෙරිල් රංජන් ළමා හේවා මහතාගේ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් හත් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site