ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඩයගම ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වයිරසය ආසාදිත පුද්ගලයන් 37 දෙනකු අද (22) දින වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වයිරස ආසාදිත පුද්ගලයන් හතර දෙනකු වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 91 කුට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී ඉන් පුද්ගලයන් 37 දෙනකු මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපලේ සේවකයන් විශාල පිරිසක් මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හමුව ඇති බවත් වයිරසය ආසාදිතව හඳුනාගත් පිරිසගේ ආශ්‍රිතයන් සියල්ල නිරෝධායනයට ලක් කොට ඉදිරියේදී ඔවුන් පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ නිලධාරී කියති.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක්