ශාන්ත චන්ද්‍රසිරි
තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10 ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
විදුලි කාන්දුවීමකින් මෙම ගිනි ගැනීම හට ගන්නට ඇතැයි සැක පල කරන බවත්, මේ හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයන් 56 කු පමණ අවතැන්ව ඇතැයි වතු නිලධාරීහු කියති.
වතු කම්කරුවන්ගේ නිවාසවල පැවති බඩුභාහිරාදිය සියල්ල විනාශයට පත්ව ඇති අතර, අවතැන් වු පිරිස දැනට තාවකාලිකව එම වතුයායේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නවතා සිටිති.
වතු කම්කරුවන් හා ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැකී ගිය බව වතු නිලධාරීහු සඳහන් කරති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වතු නිවාස 10 ගින්නෙන් අළු වේ