
(ඩී.ජී. සුගතපාල, සුමතිපාල දීයගහගේ)
අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු එම ස්ථානයේ තිබු පස් කන්දකට යටවිමෙන් අද(22) රාත්‍රි මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ විදේශිකයෙකු විසින් සංචාරක නිකේතනයක් ඉදිකරණු ලබන අතර මෙම සේවකයින් එහි කම්කරුවන් ලෙස සේවය කර ඇත. එසේ වැඩ කරමින් සිටියදී ඒ අසල ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තිදෙනා පස් කන්දට යටවි ඇතැයි පොලිසිය පවසයි.
එම අවස්ථාවේ එහි සිටි පිරිස සහ ප්‍රදේශවාසීන් එක්ව පළමුවෙන්ම එක් අයෙකු ගොඩ ගෙන 1990 ගිලන් රථයෙන් අහංගම ග්‍රාමිය රෝහල වෙත ගෙන යන ලද අතර එයට බොහෝ වේලාවකට පසු අනෙක් දෙදෙනා ගොඩට ගනු ලැබිය. ඒ වනවිට ඔවුන් දෙදෙනා මියගොස් සිටි අතර පසුව රෝහල් ගත කරන ලද පුද්ගලයාද මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇති තිදෙනා පදියතලාව මොරකැටිය 57 කණුව පදිංචි හේරත් මුදියන්සේලාගේ සුනිල් අබේරත්න දියසෙන් පුර පදිංචි හුරිවල ගෙදර අජිත් විරකෝන් සහ සහ මාතර වේරගම්පිට පදිංචි ජි.ජී.හේමන්ත මුණවිර බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මියගිය තිදෙනාගේ මළසිරුරු අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇති අතර අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

-----------------------------------------
(සුමතිපාල දීයගහගේ , ඩී.ජී.සුගතපාල සහ බී.එච්.රම්‍යා)
අහංගම තිත්තගල්ල කැරෑන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ වැඩබිමකදී අද ( 22) සවස පස් කන්දක් කඩා වැටීමෙන් පස් කන්දට යටවු තිදෙනෙකු මියගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කැරෑන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඉදිකරන වැඩ බිමක පුරවන ලද පස් කන්දක් හාරමින් සිටිය දී පස් කන්ද කඩා වැටී තිදෙනෙකු යටවු විට ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරා ගෙන පළමුව රෝහල් ගත කර ඇත. පසුව යටවී සිටි අනිත් දෙදෙනාද ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් එම දෙදෙනාද මියගොස් තිබේ.
මියගොස් ඇති තිදෙනාම එම ඉදිකිරීමෙි යෙදී සිටි සේවකයින් බව වාර්තා වේ.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමාගම් තමන්ගේ සේවකයන්ට රක්ෂණාවරයණයක් ලබාදිය යුතුයි කියල නීති ගෙන ආ යුතුයි. මේ බොහෝ සේවකයන් ආර්ථික වශයෙන් ඉතා පහල තත්වයක ඉන්න අය.
ලංකාවේ ගොඩක් වැඩබිම්වල කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන තිබෙන උනන්දුව හෝ අවදානය බිංදුවයි. කම්කරු දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මේවාට සක්‍රීයව දායක විය යුතුයි. දරු පවුලක් රකින්න රස්සාවලට ගිහිල්ලා මිනිස්සු හාම්පුතාගේ වැරැදි සහ නොසඅලකිලිමත් කම් නිසා මැරෙන්න ඕනෑ නැහැ.
අයියෝ, අපරාදේ.... දරුපවුල් අනාථ වෙනවා... මිය ගිය අයට නිවන් සුව ...
මේ වැඩ කරන අයට නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න ඕනේ...
වැඩබිම්වල ආරක්ෂාව පළමුව තහවුරු කළ යුතුය... ආරක්ෂණ කළමනාකරණයකින් යුත්ව කළ යුතුවේ... මේ වගේ අවදානම් රැකියා බොහෝමයක් තියෙනවා. නිසි පියවර ගන්න...
ගොඩක් කර්මාන්ත ශාලාවලත් මේ වගේ අනතුරු බොහෝමයක් සිදුවෙනවා.
මේ රැකියාවල නිරත වන අය මනා පුහුණුවකින්, නිසි ආරක්ෂිත ක්‍රමයකට අනුව රැකියාව කරන්න.