(සුජිත් හේවාජුලිගේ )
නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීමට හෙට (17)මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම ජනතාව ඒකරාශි වන කිසිදු අවස්ථාවකට අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසර නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසය.
අවන්හලක වරකට රැඳී සිටිය හැක්කේ එහි රැඳී සිටිය හැකි මුළු සංඛ්‍යාවෙන් සියයට 50ක් පමණකැයිද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17 වෙනිදා වෙනකම් ඉවසන වෛරසයක්නේ බොල කොරොනා කියන්නේ...!!!
වෙඩින් තහනම් කළේ නැත්නම් ජෝඩුවගේ ෆියුනරල් එකත් ඒ සමගම ලෑස්ති කරන්න වෙයි...
චූඩා මාණික්‍යය වගේ දේවල් වන්දනා කරගන්න... පෙරහැරවල් වලට සහභාගි වෙන්න රටපුරාම තැනින් තැන සැදැහැවතුන් එක් රැස් වුණාට අවුලක් නැද්ද අපේ මහත්තයෝ? ඒවා ඉතින් මේ වෙලාවේ නැතුවම බැරි දේවල්නේ... ඒකයි ඇහුවේ..
අද රෑම නවත්තන්න බැරි මොකෝ?
17 වෙනිදාට පෙර ප්‍රභූ වෙඩිං එකක් තියනවා... ඒක ඉවර වුණාමයි තහනම ක්‍රියාත්මක වෙන්නේ....
සියලු සහභාගීත්වය 25 ට අඩුකර ලියාපදිංචිය, කැඳවා ගෙනයාම, සිදුකර විවාහ ජීවිත ඇරඹීමට අවසර දීම සුදුසුයි.
මේ උන්නැහේලා වසංගතය පාලනය කරන්න වැඩ කරගෙන යන ආකාරය ගැන හිතන කොට මඟුල් උත්සව වලට මනාල ජෝඩුව සහභාගි වෙන එකත් තහනම් කරලා ගැසට් එකක් ගැහුවොත් පුදුම වෙන්න එපා...
කූරගල වඳින්න ගියාට කමක් නැද්ද සර්?
හඳපානේ පඳුරටත් නොකියා පැනලා ගිය උනුත් ඔය අස්සේ අපුරුවට පවුල් කන්නේ ?
මේ මිනිස්සු කටයුතු කරන විදිහ දිහා බලපුවම අපට දුක හිතෙනව අපිම ගැන ,මෙවැනි බුද්ධි මට්ටමෙන් අවම මිනිසුන් අපේ පාලකයන් වශයෙන් තෝරා ගැනීම ගැන.
නිවසේත් උත්සව ශාලාවේත් බැරිනිසා අවන්හලක මංගල උත්සවේ ගත්තට වැරැද්දක් නැතිද.
වෙඩින් ගත්තත් කමක් නැහැ. සියලු දේම මීටරයක් දුරින්. ඒක මතක තියා ගන්න.