
(බන්දු තඹවිට)
ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සිටින අතර තුර කොස් තම්බා ආහාරයට ගැනීමට සූදානම් වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
මේ වනවිට තම රැකියාවල ස්ථීර භාවයක් නොමැති බවත් දින ගණනාවක් රැකියාව නොකර ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදුවීම නිසා තම නිවැසියන්ද නොයෙකුත් අගහිඟකම්වලට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔවුහු කියයි.
දින ගණනාවක සිටීම රැකියාව නොමැතිව නිසා කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කොස් කඩා පාරේම තම්බා ආහාරයට ගැනීමට කටයුතු කරන බවත් සමස්ථලංකා පෞද්ගලික බස්රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් යු.කේ.කුමාරරත්න රේණුක මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍යයේ තරම තමයි මේ... මේ ගොල්ලන් දැනුත් මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ කියනවා ඇති. වාර්තාව ලියන්න ඉස්සර ඒ ගැනත් අහලා බලන්නකෝ...! මේක මම කිව්වේ එක් කාන්තාවක් එහෙම කියපු නිසා. ඒ අය කවුරුවත් මහින්ද රාජපක්ෂ ණයට අරගෙන නිෂ්ප්‍රයෝජන වැඩකරලා රට අගාධයකට වැටුණු බව හිතන්නේ නැහැ...!
තමන්ගේ ඡන්දය අරක්කු වීදුරුවට විකුණලා මහපාරෙ දුක්විඳින මෝඩ මිනිස්සුන්ගේ පිරි රටක්.. ඔබ විනාශ කළේ ඔබගේ ජීවිතය පමණක් නොවේ. අපේ රටේ දරුවන්ගේ අනාගතයයි.
කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා පෞද්ගලික බස්රථ වෘත්තිකයින්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් රේණුක මහතා පැවසීය. සෞභාග්‍යයේ තරම..