
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ශෂී කුමාර් නැමැත්තෙකි වයස අවුරුදු 37ක පුද්ගලයෙකි.
බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පලායමින් සිටියදී වෙඩික්කරු සහ පැදිකරු දෙදෙනාම ගිනි අවිය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි , ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමර මහත්වරුන් ඒකාබද්ධව විමර්ශන පවත්වයි.


වෙඩික්කරු බව කියන පුද්ගලයා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ජාතික ආරක්ෂාව කියන්නේ?
ඉස්සරට වඩා පොඩි දියුණුවක් තියෙනවා. නාඳුනන තුවක්කුකරුවෝ දැන් අල්ලාගෙන අඳුනා ගන්නවා.
තොණ්ඩුව පොඩ්ඩ පොඩ්ඩ තද වෙන බව දැනිලා රාජපක්ෂලා සාක්ෂි නිශ්ශබ්ද කරන්න පටන් අරන් වගේ...
නීතිය ක්‍රියාත්මක කරන විදිහ ලිහිල් නිසා අපරාධ කාරයින් කිසිම බයක් නෑ.. හැම දවසකම ජීවිත තුනක්වත් නැතිවෙනවා...!
කාර්යක්ෂම පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය පුද කරමු. ඒ වගේම මේ ෆොටෝ දානකොට මුහුණ හොඳින් පෙන්වන්න. අපිටත් කවුද කියලා බලන්න ඕනෑ..