
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ශෂී කුමාර් නැමැත්තෙකි වයස අවුරුදු 37ක පුද්ගලයෙකි.
බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පලායමින් සිටියදී වෙඩික්කරු සහ පැදිකරු දෙදෙනාම ගිනි අවිය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි , ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමර මහත්වරුන් ඒකාබද්ධව විමර්ශන පවත්වයි.


වෙඩික්කරු බව කියන පුද්ගලයා
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
Toni Friday, 21 February 2025 11:11 PM
මොකක්ද ජාතික ආරක්ෂාව කියන්නේ?
ජිල්බු Friday, 21 February 2025 11:24 PM
ඉස්සරට වඩා පොඩි දියුණුවක් තියෙනවා. නාඳුනන තුවක්කුකරුවෝ දැන් අල්ලාගෙන අඳුනා ගන්නවා.
Perera Saturday, 22 February 2025 02:07 AM
තොණ්ඩුව පොඩ්ඩ පොඩ්ඩ තද වෙන බව දැනිලා රාජපක්ෂලා සාක්ෂි නිශ්ශබ්ද කරන්න පටන් අරන් වගේ...
Jagath Saturday, 22 February 2025 07:11 AM
නීතිය ක්‍රියාත්මක කරන විදිහ ලිහිල් නිසා අපරාධ කාරයින් කිසිම බයක් නෑ.. හැම දවසකම ජීවිත තුනක්වත් නැතිවෙනවා...!
ජයනාත් Saturday, 22 February 2025 07:29 AM
කාර්යක්ෂම පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය පුද කරමු. ඒ වගේම මේ ෆොටෝ දානකොට මුහුණ හොඳින් පෙන්වන්න. අපිටත් කවුද කියලා බලන්න ඕනෑ..