
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති . උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් හෝ නිදන් හොරු කණ්ඩායමක් වටදාගෙය පුපුරවා හැරීමට උත්සාහ ගෙන ඇති ඇති බව සැක කරන බව ද උන්වහන්සේ කීහ.
වටදාගේ ආරක්ෂාවට, පොලිස් නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ,පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද යොදවා සිටියදී මෙසේ ඓතිහාසික ස්ථාන විනාශ වී යාමට ඉඩ හැරීම බලවත් වරදක් බව ද සමිත හිමියෝ පැවසූහ.
විශාල පිරිසක් වටදාගෙයි ආරක්ෂාවට සිටියත් ඔවුන් ආරක්ෂාව ලබා දීමට අසමත් වී ඇතැයිද මේ සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයහා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද දැනුවත් කරන ලද බවද සමිත හිමියෝ කීහ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම මේ නිදන් හොරුන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවද තම සංවිධානයේ ඉල්ලීම නොසලකා හැරියොත් එහි ප්‍රතිඵල මීට වැඩිය භයානක විය හැකියැයිද කී සමිත හිමියෝ ඓතිහාසික පොළොන්නරු රාජධානියේ දළදා මළුවේ ඇති වටදාගෙය අපේ රටේ වටදාගෙවල් අතර කලාත්මක වටදාගේ වශයෙන් හැඳින්වෙන බව ද අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් පඟරනැට්ටන් රජ වෙලා වගේ. රටම අරාජික වගක් තමයි දැනෙන්නේ...
මේකේ ඉන්න ආරක්ෂක හා පොලිස් තැන් ඉන්නේ පුරාවස්තු බලාගෙන පරස්සම් කරනවාට වඩා කරන්නේ මෙතැනට එන කෙල්ලන්ගේ, සුද්දියන්ගේ ඇඟවල් බලබලා ආශ්වාදයක් ලබාගන්න එකයි...
වටදාගේ ආරක්ෂාවට, පොලිස් නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් කිසිවකු පැමිණ නොමැති බවක් පෙනෙන්නට ඇත. රජයේ ආයතන 4ක් නිලධාරීන්ට නොව වටදාගේ ආරක්ෂාව එක ආයතනයකට වගකීම බාරදෙන්න...
ඔතනට ආරක්ෂක කටයුතු සදහා යොදවා සිටින එවුන්ට නිධානයක් ලැබුනොත් නොගෙන සිටීවිද නැත්නම් ඔහොම දෙයක් වෙන්නෙ කොහොමද කියලා විමර්ශනය කලොත් හොදයි
ඔය වැඩේ අර මයිල් ගහවත් හොල්ලන්න බැරි කුරුනෑගල හිටපු නගරාධිපති වරයා වෙන්න බැරිද?
මේ හොරු ඔක්කෝම ඉන්නේ දියවන්නාවේ. මුන් ගාවයි මේ ඕන කරන බඩු තියෙන්නේ. ආරක්ශාවට ඉන්නෙත් එයාලගේ අයමයි. බඩුත් හොරුන්ගේ, නඩුත් හොරුන්ගේ. කාට කියම්දෝ මේ අවනඩු.
ඇවංකව රාජකාරි නොකරන මෙවනි පුද්ගලයින් ගෙන් අපි කනගාටු විය යුතුයි. ඔවුනුත් නිදන් හොරුන් දෙන සල්ලි වලින් යැපෙන අයද කියල සැකයක් මතු වෙනවා. එහෙම නැතිනම් මුර සංචාරයෙ යන්නෙ නැතුව හොඳට කකා බිබී මුරකුටිය එතුලටම වෙලා ඉන්නවා ඇති. රාත්‍ර කාලයේ හොඳට නිදා ගන්නවාත් අතී. එහෙම පිරිසක් ඉන්න තැනක 'වටඩාගෙය ' උස්සගෙන යන්ට පුලුවන් නම් මෙලහකට එකත් කරල. මේවගෙ පිරිසක් එක්ක ඉතින් කොහොමද පුරාවස්තු රැක ගන්නෙ.
මම පොළොන්නරු වටදාගෙය බලන්න ගිය වෙලේ ගැමියෙකු කී පරිදි මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු මැදිහත්ව හමුදාව යොදවා වටදාගෙය නිධන් කර තිබූ වටිනා දේපල ගොඩ අරන් තියනවා ඔහුගේ පාලන කාලය තුල
ෂුවර් එකටම දේශපාලන සම්බන්ධයක් ඇති.