
(තිස්ස කොටින්කඩුව)
රැනෙන් මිදී වෙළෙක වැටී සිටියදී අල්ලා කුඩුවක දමා සිරකර සිටි ගිරා පැටවකු ගිරා රංචුවක් පැමිණ කූඩුවේ දැල් ඈත් කර නිදහස් කර ගෙන යාමේ පුවත් මෙරට නිදහස් දිනය දා ජාඇළ බටගමින් වාර්තා වෙයි.
ගිරා රංචුවට බාධා කිරිමට ගිය ගෙහිමියාටද රංචුවේ සිටි එක ගිරවකු කෙටීම නිසා සුළු තුවාල ලබා ඇත.
ජාඇල බටගම ප්‍රදේශයේ වෙල් යායක මීට මාසයකට පමණ පෙර වැටි සිටියේදි අහුලා ගත් ගිරා පැටවා ප්‍රදේශවාසි පුද්ගලයකු කුඩුකර ඇති දැඩි කොට ඇත. අවස්ථා කීපයකදී ගිරා රංචුවක් පැමිණ කූඩුව වාට ගැවසී ඇති අතර ඉකුත් 4 වැනි දා ගිරා රංචුවක් පැමිණ ඔවුන්ගේ හොටේ ආධාරයෙන් දැල් ඈත් කර තම රැහෙන් අතරමං වූ ගිරා පැටවා බේරාගෙන ඇත.
මෙ රටට නිදහස ලැබුණු පෙබරිවාරි 04 වෙනි දිනම මේ සිද්ධිය ඇති වි තිබීම සුවිශේෂි බව අසල්වාසීහු කියති. ගිරා පැටවා කුඩුවක දමා ඇති දැඩි කළ අයගේ දියණිය වු චතුරිකා පෙරේරා මෙනවිය මෙසේ පැවැසුවාය.
මිට මාසයකට ආසන්න කාලයකට පෙර තම නිවස අසල වෙල්යායක වැටි සිටි ගිරා පැටවාට ප්‍රතිකාර කර කුඩුවක දමා කවා පොවා ඇති දැඩි කළා.
සිද්ධිය වු දින උදය 7.00 පමණ සිට එක් ගිරවකු ගිරා පැටවා රදවා සිටි කුඩුව උඩට පැමිණ කුඩුවේ කම්බි හපා කමින් යකුරු කුරු ඈත් කිරිමට මහත් වෙහසක් ගැනිමට උත්සහ කළා.
මෙය නිවෙසේ සැමට විහුලුවක් මෙන්ම හස්‍යජනක සිද්ධියක් වුණා.
නමුත් කිසිවකු බලාපොරොත්තු නොවු පරිදි දහවල 1 ට පමණ ගිරාවු 20 කට ආසන්න රංචුවක් පැමිණ එකිනෙකාගේ සහයෙන් කුඩුවේ කම් බි ඇත් කොට ගිරා පැටවා රැගෙන ගියා. ඒ අවස්තාවේ ගිරා රංචුවේ හැසිරිම් රටාව බිය උපදවන ආකාරයේ දැඩි චන්ඩ ස්වරුපයක් ගෙන තිබු බව ද ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලුවෙන්, හාස්‍යයෙන් බලන් ඉන්නේ නැතිව කූඩුව විවෘත කරලා පැටියට යන්න දෙන්නයි ඒ අයට තිබුණේ...
ලංකාවේ ජඩ දේශපාලනයෙන් ජනතාව මුදවාගෙන රට ගොඩගත හැකි වන්නේද, මේ ආකාරයට එක් වී පැවැති සහ පවතින පාලකයින් ඉවත් කිරීමෙන්..
නිදහසට සතුන් කැමැති වග පේනවා නේද? කූඩු කරගෙන අපි කරන්නේ ලොකු පවක්...
අනේ නුඹවත් කූඩුවක දාලා අම්මා, තාත්තා, නෑයින් බේරාගන්න එද්දි හරිම විහිළුවක් වෙයි..
සත්ව හිංසාව යටතේ නඩු පවරන්නයි තිබුණේ... සතුන් බලන්න ඕනේ නම් කූඩු හදන්න එපා... ගෙඩි හැදෙන ගස් සිටුවන්න. වතුර තියන්න.. කෑම දාන්න... ඒ සත්තු අපි ළඟම ඉන්නවා. කිසිදාක සතෙක් හිර කරන්න එපා.