(අංජුල මහික වීරරත්න)
මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබෙිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මුකුත් නොදන්න තොත්ත බබා වෙලා.., කෝටි එකහමාරක රන් බඩු නිදහස් කරන්න කියලා රේගු අධ්‍යක්ෂකට කියලා තියෙන්නේ අපි වෙන්නැති...
මේ අය ජීවත්වෙලා ඉන්නකම් රට හදන්න බැහැ.
අනේ ඔව්.. මෙයා හරි අහිංසක දහම් පාසල් දරුවෙක්... දන්නේ රනිල්ට වඳින ගාථාව විතරමයි.. පිනට මන්ත්‍රී කමකුත්, ඇමැති කමකුයි ලැබිලා පොඩ්ඩක් පිම්බිලා ඉන්නේ.. හැබැයි ජනතා ඡන්ද වලින් නම් හොම්බෙන් ගිය කෙනෙක්.. ඔහොම යන්න..
පාර්ලිමේන්තුව තුළ සම්ප්‍රප්පලාප, කෙප්ප, කෙබර කෙලීම ඉතාම නීතිගරුකයි. ශිශ්ටයි....
මැණිකේ මගේ හිතේ .උතුරා නුරා හැඟුම් යාවි .මැණිකේ .....
මෙම කාන්තාව වජිරට හුඟාක්ම හිතවත් කෙනෙකුවත්ද .ඉතින් උදව් කරන එකේ මට වරදක් පෙනෙන්න නැහැ