
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.
පිළිරුවේ මූණට කල් පහරක් වැදීමෙන් එහි කොටසක් ගැලවී ගොස් ඇතැයි කියති.
කුමාරතුංග මහතාගේ පිළිරුවට හානි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දෙහිවල පොලිසියෙ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පැමිණිල්ලක්මෙතෙක් ලැබී නොමැති වුවත් මෙම හානිය සිදු කළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයගේ පිළිරුවක් ගහගෙන ඉන්නේ විජය මොන බම්බුවක් රටට කරපු නිසාද?
මෙතන අත් අඩංගුවට ගන්නවා කිව්වත් ලිපියෙන් පේනවා පැමිණිල්ලක් නැත්නම් පරීක්ෂණ කරන්නෙ නැහැ වගේ අදහසක්... ඉතින් කොහොමද රටේ අපරාධ අඩුවෙන්නේ කියලා හිතන්න අමාරුයි.
පාරවල් හන්දි ගානේ පිලිරූ කුරුස සෑදීම බෝ ගස් සිටුවීම නවතාදැම්ම කල යුතුය. එක අතකින් ආගමික උන්මාදය අනිත් පැත්තෙන් පාරවල් අවහිර කිරීම. අවශ්‍ය නම් සෙවන දෙන සහ අලංකාර කිරීම සඳහා උස නොයන ගස් පාරවල් දෙපස වවා කප්පාදු කර පවත්වාගෙන යාම හොඳ නැතිද?
ඇත්තටම ලජ්ජා සහගත වැඩක්!
මූනටම වෙඩි තියපු අය ගෙන් පැවත එන සීයට තුනේ කෙනෙක් වෙන්න බැරි ද ඔය වැඩේ කරන්න ඇත්තේ?
අනිවාර්යයෙන්ම මූණට ගල් ගහපු එකා, විජයගේ මූණට වෙඩි තියපු එකාගේ නෑයෙකු වන ජෙප්පෙක් වෙන්නටම ඕනෑ.