
(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මේ අතර මියගිය මහාචාර්යවරියකගේ නාමිකයා නම් කරන ලද ප්‍රකාශයෙහි සාක්ෂිකරුවන් දෙදෙනෙකු අත්සන් නොකිරීම සහ මහාචාර්යවරියගේ ආසන ව්‍යාජ බව නිරීක්ෂණය වී තිබියදී ඇයට හිමි ලක්ෂ තිස් දෙකකට වැඩි සේවක අර්ථ සාධක ප්‍රතිලාභය ඇයගේ ස්වාමිපුරුෂයාට ගෙවා තිබූ බව එහි දැක්වේ.
තවද මියගිය මහාචාර්යවරියට හිමිව තිබුණු ලක්ෂ විසිහයකට ආසන්න සේවක පාරිතෝෂික ප්‍රතිලාභයද අනෙකුත් උරුමකරුවන් පිළිබඳව නොසලකා ඇයගේ ස්වාමිපුරුෂයාට පමණක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර පර්යේෂණ කමිටුවක අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කතිකාචාරවරුන් දෙදෙනෙකුට ලක්ෂ හතලිස් හතකට වැඩි පර්යේෂණ දීමනා ගෙවා තිබූ පවසන එම වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව කෝටි 45ක පමණ අතිරික්ත මුදලක් 2023 වර්ෂයේදී ආයෝජනය කර තිබූ බව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විගණනයට කොලේ වහලා කෝටි 33ක් ගෙවලා
කව්ද බෝයි Wednesday, 26 February 2025 05:23 PM
හැම තැනම වංචාව, දූෂණය, අක්‍රමිකතා ඉහ වහා ගිහිල්ලා. දේශපාලකයා වේවා, රාජ්‍ය සේවකයා වේවා, පිස්සු කෙළින අයට රටේ අහිංසක ජනතාවගේ බදු සල්ලි නේද කියල කිසිම හැඟීමක් නෑ. අනික, මොකටද එහෙම හිතන්නේ? ඔවුන්ට ගොට්ට අල්ලන්නත් ඇති පදම් කට්ටිය ඉන්දැද්දී... දැන්වත් හරි පීල්ලට වැටුණොත්, තව දශකයකින්වත් යම් තරමකට ඔළුව උස්සාගන්න පුළුවන්වේවි...!
Kamal koyrala Wednesday, 26 February 2025 06:04 PM
උගතුන් කියා සිටිනා මහ හොරු... මේ ඔවුන්ගේ වරද නොවේ... මේවාට පත්කර හිටිය දේශපාලකයන්ගේ වැරැදි...
Neel Wednesday, 26 February 2025 08:53 PM
එහෙමනම් දූෂිත දේශපාලන පක්ෂ වලට ඡන්ද දීපු අපි තමයි වැරැදි...
මිල්ටන් Wednesday, 26 February 2025 10:02 PM
ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියෙක් වෙච්ච ළදරුවංස ඔය කැම්පස් එකේ කුපඋලපති වෙලා හිටිය කාලේ නේද මේ? පුදුමයක් නෑ ඉතිම්.
සමන් විමල්Thursday, 27 February 2025 12:39 PM
හැම මගුලටම මොකෙක් හරි පෙන්නනවා. 2023 විගනණය. ගොනා ඉතින් උම්බෑ කියනව නේ.