
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත
ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු වන එච්.ටී.පී චන්දන මහතාගේ නම මෙසේ යෝජනා කර තිබිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා රැස්වූ අවස්ථාවේදී ඡන්ද විමසීමක් පවත්වා ඇත. ඒ අනුව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, සභානායක බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් ආතම්බාවා එම නාම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.
එස් සිරිතරන් මහතා පමණක් එ් අවස්ථාවට සහභාගිවී නොසිටි බව වාර්තා වේ.
මේ අනුව විගණකාධිපති තනතුර වෙනුවෙන් තවත් නමක් යෝජනා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
එම නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දිනවල නැවත රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් තියෙන සිස්ටම් එකේම ලස්සනට යනවා. ඡන්දේ දීපු උන් හෙන පව්.
හිතාගන්න පුලුවන් ඇයි එහෙම උනේ කියල, සහභාගීවූ කට්ටියගෙ නමි. ටික දැක්කහම.
සිවිල් සමාජය නියෝජනය කරන්න, රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්ට අවස්ථා නොදිය යුතුයි. ඒ ඔවුන් දේශිය හා විදේශිය කුමන්ත්‍රණකාරී බලවේග වල ඉත්තන් වෙන්නට ඉඩ තිබෙන නිසා. ඒ වෙනුවට ආගමික ආයාතන හා වෘත්තීන් නියෝජනය කරන පුද්ගලයින්ට අවස්ථා දිය යුතුයි.
ඥාති මිත්‍ර සංග්‍රහය පටන් අරන් වගෙයි
මෙම තනතුරට පත්කළ යුත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේම සහකාර/ නියෝජ්‍ය/ අතිරේක විගණකාධිපති ලෙස ක්‍රියාකර අත්දැකීම් ලැබූ අයයි...
විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු සහ දිගුකාලීන සේවා කාලයක් ඇති සුදුසුකම් ලැබූ ඒ තුළින් ඉහලට යාමට දිරි දිය යුතු නොදන්න විෂයන්ට බාහිර පාර්ශව යොදා ගැනීමෙන් අවුල් ඇතිවිය හැකියි .එමෙන්ම ආයතනයේ සේවක අභිපේරණය "නැති වීම" වලක්වා ගත නොහැකි වණු ඇත.
නිපුන හා කමල් ඉදිරිපත්කල අදහස් හරියටම හරි ඒ වගේම හොර ගුහාවක හිටපු කෙනෙක් ඔය තනතුරට පත්කලාම මොකද වෙන්න පුලුවන් කියල හිතාගන්න බැරුව කොහොමෙයි රටක් කරන්නෙ මෙයින් දෙපාර්තමේන්තුවෙ කොන්ද කැඩෙන නිසා ගසාකෑමට දොරටු විවෘත වෙනවා
දැන් මාලිමාවෝ ටික කොමිසම විසිරුවන්න ට්‍රයි කරාවි,
විගණකාධිපති තනතුරට පත්විය යුතුවන්නේ එම ආයතනයේම දැනට සේවයේ නියුතු විනිවිද භාවයෙන් කටයුතු කරන්නා වූ කාර්යක්ෂම අපක්ෂපාතී තීන්දු ගතහැකි නියෝජ්‍ය විගණකාධිපති වරයෙකි..
පැරණි කියමනක් තියෙනවා ගොනා හැරෙන හැටියෙන් මොකටද සූදානම් කියල පේනවා කියල මේත් එහෙම එකක්ද නැත්නම් ?????????
ජනාධිපතිතුමා රටේ නායකයා හැටියට මීට පෙර හිටපු ජනාධිපතිවරු කළ වැරදි වැඩ නොකර ඉන්නවා නම් හොඳයි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය.