
ශ්රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා මෙරට සිය සිව්දින නිල සංචාරය අවසන් කරමින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ සම ලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්මත වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි.
අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ න්‍යාය පත්‍රයේ නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ එවැනි පනත් කෙටුම්පතක් කිසිඳු නිල අදියරක නොමැති බවයි.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සම ලිංගික විවාහ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය වෙනස් කිරීමටට නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් එම වගන්ති සංශෝධනය කළ යුතුව ඇත.
අධිකරණ අමාත්‍යවරයා එලෙස එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත් ජාතික ජන බලවේග රජය විපක්ෂයේ සිටින කාලයේදී සමලිංගික විවාහ නීතිගත කිරීමට දරණ උත්සාහයන්ට පක්ෂ වෙමින් සමරිසි ප්‍රජාවට සහාය දැක්වූවේය.
පසුගිය වසරේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේදී ප්‍රේම්නාත් දොලොවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය ලබාදෙන බවයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත බලරහිත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2019 ජනාධිපතිවරණය පැවැති අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන අසමානතාවයන් අහෝසි කරන බවට පොරොන්දු වූ අතර එලෙස පොරොන්දුවක් ලබාදුන් ප්‍රථම ජනාධිපති අපේක්ෂකයාද ඔහු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමලිංගික විවාහය පිළිගැනීමට තරම් අපේ සමාජය පරිණත වී නොමැත. එහෙත් එවැනි සම්බන්ධතා අපරාධමය වරදක් ලෙස සළකන නීතිය වහා වෙනස් විය යුතුයි...
ඡන්ද ගන්න ඕනෑම පොරොන්දුවක් දෙනවා. ඒ විදියටම අන්තර්ජාතික ප්‍රජාව රවට්ටනවා. ආණ්ඩුවට එක මතයක් නැද්ද? ජෙප්පොයි, පාපිස්සොයි අතර කඹ ඇඳිල්ලක්ද?
අපි ජාතියක් විදියට, නිහින, නිවට, රෝගි, විකෘති මනසක් තිබෙන බව ලොකේට පෙන්වන්න එපා... මේ ආණ්ඩුවට ඒ ගැන විශාල වගකීමක් තිබෙනවා... පෙර කරුමෙට උපන්න නපුංසයින්ට එය අයගේ පාඩුවේ ඉන්න දෙන්න! ඒ අය කසාද බන්ඳලා, මේ වෙන කොට රටේ නැති ප්‍රශ්න හදන්න එපා කියා රට වැසියෙකු ලෙස ඉල්ලා සිටිමි...
ඕකයි දැන් ලංකාවට අඩුවට තිබුණේ...
සමරිසි විවාහයන් කියන්නේ "නපුන්සක" විවාහ නොවෙයි. "පිරිමි-පිරිමි, ගැහැණු-ගැහැණු විවාහයන්". කුමක්හෝ කායික/ මානසික හේතුන් නිසා මෙවැනි පෙළඹවීම් තියෙනවා. ඒවා උප්පත්තියෙන්ම ලබපු දේවල්. ඒ නිසා එහෙම අය සමාජයෙන් කොන් කරන්න සුදුසු නැහැ. ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, නෙදර්ලන්තය, නව සීලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රාශියක්, සමරිසි විවාහයන් නීතිගත කරලා තියෙනවා. ගැහැණු - පිරිමි විවාහයකට අකැමැත්තක් හෝ ගැටළුවක් තියෙන නිසයි එහෙම ආකර්ශනයක් වෙන්නේ. එහෙම අයට නීතියෙන් අවස්ථාව ලැබිය යුතුයි. තම අභිමතයට කටයුතු කරන්න. ඔවුන් හොරෙන් හොරෙන් තම අවශ්‍යතාවයන් ඉටුකර ගන්නවාට වඩා හොඳයි. නීත්‍යානුකුලව එහෙම කර ගන්න එක. එතකොට ආරක්ෂාව, සෞඛ්‍ය ගැටළු ඇතිවන්නේ නැහැ. ගතානුගතික හෝ සංස්කෘතික විදියට නොව, ධනාත්මක විදියට හිතන්න.
නිකන් අහන්න හිතුනේ අමතක වෙන නිසා. කෝ දැන් කොටි පල්ලියේ පාස්කු ගාය හොඳ වෙලාද? ගෝඨා ඉන්නකොට පැයෙන් පැයට මාධ්‍ය සාකච්ඡා තිබ්බ කෙනෙක්...
සමලිංගික විවාහ නාමයෙන් තවත් වසංගතයක්. හරිනි එය ප්‍රවර්ධනය කිරීමට කැමැති නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයින්ට එය අවශ්‍ය නොවනු ඇතැයි මම සිතමි...
සිංහලයාට අමතක වීම...
1990 දශකයේ ඇමරිකානු ජනාධිපතිවරයා -රොනල්ඩ් රේගන් ගේ මැදිහත් විමෙන් ඒඩ්ස් වෛරසය සමාජගත කරන්නේ "නපුංසක ලිංගිකත්වය" පාලනය කරන්න, එය අසාර්ථක වෙනව, හැබැයි දැන් ඇමේරිකාවෙත් සමහර ජනපද වල "නපුංසක වැසියන්ට" විවාහ වෙන්න පුලුවන්! කොහොම වුනත් එය මනුෂ්‍ය පරිනාමයේ විකෘතියක් එය පිලිගත්තාම ඇති! ඒ අය විවාහකරල දීමෙන් සිදු වන්නේ, ඊට දැඩි පෙලඹවීමක් සහ "ජනප්‍රිය-ප්‍රවනාතවයක්" සමාජගත වි ඉතාම ව්‍යාකුල සමාජ විකෘතියක් ඇති වීම පමණයි.
සමලිංගික නිදහස නැමති ඇම අරගෙන මේ විදේශිකයින් මාන බලන්නේ සමසිරි අය ගැනවත් ලාංකිකයින් ගැනවත් අනුකම්පාවකට කියලා නම් හිතන්න ඵපා.
එතකොට රනිල්ට සාගලව කසාද බඳින්න බැරිද ? සෝ සෑඩ් අනේ !
ටකර් ට ඒ ගැන එච්චරම කැක්කුමක් තියෙන්නෙ නම්, අපේ රටේ එහෙම විවාහ වෙන්න කැමති උදවිය එරටට ගෙන ගිහින් විවාහ කරදෙන්න පුළුවන්. මෙහි නීති වෙනස් කරන්න එයාලට අයිතියක් නෑ.
මෙම තර්ක දිහා බලපු ගමන් පෙනෙන්නේ මෙයත් ඒ ජාතියේ කෙනෙක් කියලා. ස්වභාවධර්මය තමයි – ගැණු මිනිසුන් එකතුවෙලා මේ ලෝකය ඉදිරියට ගෙනයන එක. එයයි විය යුතු දේ.
බලන්ගොඩ කස්සප හාමුදුරුවෝ අනාවැකි කියනවානේ..., තව මොනවා කියන්න හිතාගෙන ඉන්නවාද කවුද දන්නේ?
තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්නයක්... අලි මදිවට හරක් කිව්වලු...