(ෂේන් සෙනෙවිරත්න)
උඩරට ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සහ ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජලාශයේ ජල මට්ටම මේ වනවිට 35% දක්වා පහත බැස ඇති බවයි .
ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය බොහෝ සෙයින් සීමා කොට ඇති බව පැවසූ ඇහැළපිටිය මහතා රාත්‍රී කාර්යබහුල වෙලාවෙදි පමණක් ගිගාවොට් පැයක පමණ විදුලි නිෂ්පාදනයක් මේ වන විට සිදු කරන බව ද පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ව යවමු....