වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.
රුධිර පරීක්ෂාවට ප්‍රථම ඖෂධ ආරම්භ කිරීමට හැකිද?
ඔබ Tacrolimus (prograf) ලබා ගන්නවා නම් රුධිර පරීක්ෂාවට පැය 12කට පෙර ගත යුතුයි. රුධිර පරීක්ෂාව පෙ.ව. 10.00ට නම් කලින්දා රාත්‍රී 10.00ට අදාල ඖෂධය ලබා ගත යුතු අතර පරීක්ෂණයෙන් අනතුරු බෙහෙත ලබා ගත හැකිය. මෙම උපදෙස්ම cyclosporine ඖෂධය භාවිතයේදීත් ඔබ පිළිපැදිය යුතු වේ. ඔබට යම් ඖෂධ මාත්‍රාවක් ලබා ගත නොහැකි නම් ඊළඟ නියමිත වේලාවට එම මාත්‍රාවම ලබා ගත හැකිය. එය දෙගුණ කිරීමක් සිදු නොකළ යුතුය. එසේම ඔබ පාචනය වැනි අසනීප තත්ත්වයකින් පෙළේ නම් පැය 02ක් ඇතුළත දී ඖෂධය ලබා ගත හොත් එහි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
ශල්‍යකර්මයෙන් පසු නිසි ඖෂධ භාවිතයේ වැදගත්කම
පිටස්තර පුද්ගලයකුගේ වකුගඩුවක් ඔබට බද්ධ කොට ඇති නිසා එය ප්‍රතික්ෂේප වීමකින් තොරව සහ ජීවිත අවදානමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා නියමිත පරිදි ඖෂධ භාවිත කළ යුතුය.
බද්ධ කරන ලද වකුගඩුව ඔබගේ සිරුරින් නිපදවෙන ප්‍රතිදේහ මගින් විනාශ වීමක් සිදු විය හැකි අතර ඖෂධ මගින් එය පාලනය වේ. එබැවින් නියමිත මාත්‍රාව, වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. යම් අවස්ථාවක වෛද්‍ය හේතු මත ඔබ භාවිත කරන ඖෂධයක් සඳහා වෙනත් ඖෂධයක් නියම කිරීමට සිදු වේ. එය සායනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.
වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද සිදු කරයි.
-සටහන- මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වකුගඩු බද්ධයෙන් පසු බේත් බොන පිළිවෙළ