
(අංජුල මහික වීරරත්න)
වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නේය.
ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර තිබේ.
මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා විය.
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය විය.
එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු විය. නැවත සහල් හිගයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් මේ පාර කිරි සම්බා විකුණන්නේ කඩේ මිලට රුපියල් 10 අඩුවෙන්. (අපේ කිරි සම්බා අස්වැන්න මේ පාර සරුයි, භාගයක් රජයට දුන්නා)
ඕව රජයකට කරන්න පුළුවන් වැඩ නොවේ , රජයෙන් ණයට දුන් මුදලින් වී ටික අරගෙන ඒවා ඊට පහුවෙනිදම මහා මෝල් වලට විකුණනවා , ගබඩා කිරීමත් පොඩි මොළ තුලදීම සිදු කරනවා, දිනපතා බොරුවට පොඩි මැෂිමක් තබාගෙන වී ට්කක් කොටා සිල්ලරට දෙනවා , මහා තොගේ පාලනය කරන්නේ මහා මෝල් කාරයෝ , දෙන සල්ලි වලින් වෙන බිස්නස් එකක් කරනවා , මාසේ අන්තිමට අවම වරිකේ බැංකුවට දමනවා , එකපාරට ආණ්ඩුවෙන් පැනලා චෙක් කරත් කියන්නේ අපි ළඟ වී තොග තිබෙනවා අපි වී කොටලා ජනතාවට දෙනවා කියල , ඕව බලන්න එන්නෙත් මහා මෝල් කාරයන්ගෙන් වැටුප් ලබන වී අලෙවි මණ්ඩලේ නිලධාරියෝ , ඔවුන් එන්න කලින් ටිප් එක දෙනවා ,
අර කෝටි ගාණක් වියදන් කරලා ප්‍රචාරයක් දීලා පටන්ගත්ත ආණ්ඩුවේ ගබඩා වල කොපමණ වී තියෙනවද?
රජයේ සියලු දේ ලබාගත්තොත් ගොවීන්ගෙන් ලැයිස්තුව අනුව රජයට වී නොදුන් අයගේ සහනාධාර කපා හරින්න.. රජය ආරක්ෂා කළ යුත්තේ රජයකට අවනත ගොවීන්වයි..
සිල්වාගේ අදහස හරි , පොඩි මෝල් සහ ඔවුන්ගේ ගබඩා මහා මෝල් කාරයන් විසින් බද්දට අරන් , වී ගබඩා කරගෙන ඉන්නවා , ඔය වී අලෙවි මණ්ඩලේ සේවය කරන බහුතරයක් නිලධාරිනුත් සිරිසේනලා , සිරිපාල ගම්ලත් විසින් සේවයට බදවාගනු ලැබූ පුද්ගලයන් , කොලබින් පරික්ෂ කරන්න අපු ගමන් ඔවුන් ටිප් එක දෙනවා , එතකොට අර පොඩි වීමෝල් හැම එකකම මැෂින් වැඩකරන්න පටන් ගන්නවා , වී කොටලා දෙනකන් සහල් ගන්න අවා වගේ කිහිප දෙනෙක් මොලේ ඉන්නවා , පාලන මිලට ටිකක් අඩුවෙන් සහල් සිල්ලරට දෙනවා කියල බෝර්ඩ් එකකුත් පාරට පෙනෙන්න එල්ලනවා , පරීක්ෂකයෝ එනකොට ඔක්කොම වැඩ , ගිය ගමන් හෙමිහිට ඔක්කොම වහල දමනවා , වී මෝල් කාරයෝ රජයෙන් අඩු පොලියට දෙන සල්ලි , ගිනිපොලියට ඔවුන් තව කට්ටියට ඩේලි පේමන්ට් ක්‍රමයට දෙනවා , මාසේ අන්තිමට වරිකේ බැංකුවට දමනවා , හොඳම වැඩේ ඔය පාලන මිලවල් සහනාධාර ක්‍රම ඔක්කොම නවත්වල , පිටරටින් එන සහල් වලට 10% පමණ බද්දක් ගහල , ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වෙන්න ඉඩ හරින එක ,