IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගන්න අත ගසයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

 මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් බැගින් මිල දී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී මිලදී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි මිලදී ගැනීම් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) පැවැති  සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය රුපියල් බිලියන 13ක් වෙන් කළ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වී දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමට කටයුතු කළේය.

එලෙස මිලදී ගත් වී වලින් සැකසූ සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට බෙදා දීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  තීරණයකට අනුව කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම සහල් එක පවුලකට මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් පසුගිය අප්‍රේල් හා මැයි මාසවල බෙදා දුන් බවද අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගන්න අත ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site