
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳපොළෙහි පොහොර මිල කොපමණ ඉහළ ගියද යල කන්නයේ පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට යටත්ව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍ය අමතමින් අද (9)පැවසීය
ලෝකයේ කුමන අර්බුද ආවත් ලංකාවට ආහාර අර්බුදයක් මතු නොවන්නේ ගොවි ජනතාවගේ විශිෂ්ට කැපවීම නිසා බව කී ජනපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ ගෞරවය පුද කරන බව සඳහන් කළේය.
සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ශ්‍රී මහා බෝධිය පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමිගේ අනුශාසනා පරිදි, "අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 59වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.
සාම්ප්‍රදායිකව ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද අතර
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
එහිදී සුළු වාරි ව්‍යාපාරය නියෝජනය කරමින් කිංස්ලි කුමාර ගොවි මහතාත්, මහා වාරි ව්‍යාපාරය නියෝජනය කරමින් ඩබ්. සුමිත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතාත්, මහවැලි ව්‍යාපාරය නියෝජනය කරමින් එච්.එම්. උපාලි ධර්මමරත්න ගොවි මහතාත් ජනාධිපතිවරයා අතින් ඇගයීම් තිළිණ ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට පරිස්සම් කරගන්න ජනාධිපති තුමනි... අපිට දැන් ඉන්න බැරිව ඉන්නේ...