
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම නැවත ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම සමාගම ආනයන කළ ගෑස් රැගත් නෞකාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ඉන් අනතුරු ගෘහස්ථ ගෑස් සැපයුම ආරම්භ කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ වෙනත් උසස් නිලධාරියෙක් පැවසීය.
ලාෆ් ගෑස් සමාගම මීට මාස තුනකට පමණ පෙර ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමෙන් ලක්‍ෂ 30 කට ආසන්න ලාෆ් පාරිභෝගිකයෝ අපහසුතාවට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහේද සල්ලි...? කොහොම හරි පෝලිම් නැතිවුණොත් හොඳයි.
ඔය එන නැවට ගෙවන්න ඔබලාට ගෙවන්න මුදල් තිබෙනවද?
ශ්‍රී ලාංකික සමාගමක් කියලා මදැයි අපිත් ලාෆ් ගෑස් ගත්තා. දැන් අනාථ වෙලා ඉන්නේ. හැකිනම් හිස් සිලින්ඩර් ටික අරන් සල්ලි දෙන්න...
ගෑස් නැතිව හිටපු මිනිස්සු නිල් පාට කරලා ලිට්රෝ එකට දීලා හින්දා මේ අයට ආයේත් හිස් සිලින්ඩර් තොගයක් ආනයනය කරන්නත් වෙයි...
ඔය නැවේ ලක්ෂ 30ටම බඩු තියෙවාද? නැත්නම් පෝලිම් විතරයි. රටේ මිනිස්සු ළඟ ලාෆ් ගෑස් අණුවක්වත් නැහැ.
සතපහකට විශ්වාස කරන්න එපා.. මෙයා ආපු හැටි මතකද? බහු ජාතික කොම්පැණි, අපිව හූරගෙන කනවා (එතකොට තිබුනේ ෂෙල්) අපි එහෙම නැහැ කියලා... දැන් පේනවනේ කරපු හැටි? මේ වල්ලේම තව පොල් ගෙඩියක් තමයි අර ප්‍රසිද්ධ දේශීය යයි කියාගන්නා කිරිපිටි අයිති කාරයා ගහන්නේම බයිලා...!
අපි ගොඩාක් අපහසුතාවයන්ට පත්වුණා... ඔබ ගනුදෙණු නතර කිරීම නිසා..