
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ නියෝජනය කරමිනි.
ඔහු අභියෝගාත්මක වේලාවේ නොබියව රට භාරගත් බවත් නැවත රට භාරගන්නා ලෙස තමා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්ත මාරු කළා කියලා අර සාමූහිකව අත උස්සලා වීසා ගාස්තුවෙන් ගාණක් හොයාගත්තු එකේ කොටස නැතිවෙන්නේ. ඒක තව අවුරුදු 07කින් ඒ සමාගමේ ගිවිසුම ඉවරවෙනකල් දිගටම බැංකුවට එවයිනේ...!
සිරගෙදර එකේ දන ගස්සපු සීන් එකක් තිබුණා වගේත් මතකයි..
උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයට වගකිවයුත්තා .මහින්දයා ගේ පිහිටෙන් නිදහස් වුණා.
හිරේ යාමට නියමිත සියලු දෙනා රනිල්ට කිව්වා නම් තමයි හොඳ...
මේවා විහිළු කතා ස්ථිර වශයෙන්ම පරාජය නියතයි
හලෝ මේ මෝඩ කතා කියන්න එපා. භාර ගත්තා නොවෙයි එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉදිද්දී භාර දුන්නා.
ආණ්ඩුවක් හැදුවොත් හිර ගෙවල් බලාගන්න ඇමැති කරනවා කිව්වාද? එහෙම වුණොත් නම් ආයෙක් ආතල් පාරක් දාන්න පුළුවන් නේද?
ඔයා මහජනයාට සහාය දිය යුතුයි.... මොකද පඩි ගන්නේ මහජන බදු වලින් නිසා
ඔය විදියට සහාය දෙනවා කියන්නේ රනිල් කීයක් හරි දුන්නාද?.... අනික මතක තියාගන්න රනිල් කියන්නේ මහජන නියෝජිතයකු නොවන බව
දැන්නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල්ගෙ ජය ස්තීරයි. මොකද මෙතුම සිරකරු ඇමති හැටියට ලොකු ලොකු වැඩ කරලා නමක් ගත්ත කෙනෙක්. කාන්තාවන්ට එල්ලුම් ගහ පෙන්නුව නිසා කාන්තා ඡන්ද ලැබෙන එක විශ්වාසයි.
අම්මට සිරි ආයෙත් පාරක් කෙල්ලෙක් එක්ක වැලිකඩ ගිහින් වැඩ පෙන්නලා ඉන්න පුළුවන් වෙයි වගේ නේද?
ගිලෙන නැවෙන් පනින මීයෝ.
ඕකත් ඉතින් අමුතු ප්‍රවෘත්තියක්ද? කුණු කානුවක පල්වෙන දහජරාව එකට එකතුවෙන බව නොදන්න කෙනෙක් ඉන්නවද?
ඊළඟ ඡන්දෙදි විසිවෙන උන් ඔක්කොම ජනපති වටා එක්වෙන හැඩයි . මේ මිනිහ මැරයෙක් කියල ජනාධිපතිතුමා නොදන්නවා උනාට මුළු රටම දන්නවා. මේ වගේ අයට ආයේ පාර්ලිමේන්තු එන්න මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. ජෝනියාවත් ගන්න ජනපතිතුමනි. ඔබතුමාගේ ගණන් හැදිලි මෙදා පාර වරදින්න තියෙන ඉඩ ගොඩක් වැඩිවෙලා බව පෙනෙනවා.
හිරගෙදරට ගිහින් තුවක්කුව පෙන්නලා සෙල්ලම් දාපු නඩුවකුත් තියෙනවානේ...!
බන්ධනාගාරවලට ගිනි අවි රැගෙන ගොසින්, රැඳෙවියන්ට අනවශ්‍ය ලෙස හිරිහැර කරන, මේ අය කියන දේවල් කවුද අහන්නේ...?
මාර විදිහට රනිල්ගේ ඡන්ද වැඩිවෙයි දැන්.
මිනීමරුවන්, චණ්ඩි, හොරු, වංචාකාරයෝ, වාසි පැත්තට හේත්තු වෙනවා. මහජනයා වන අපි තමයි මොවුන්ව වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යවන්නේ...!
එකම වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වහනවා.