(කුමාර සී. ලියනආරච්චි)
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) සොයාගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්විය.
මෙම වගා භූමිය තුළ වගාකරුවන් ඒ වන විටත් පැන ගොස් තිබුණු අතර ඔවුන් විසින් දමා ගොස් තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනිමට පොලිසිය සමත් විය.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් අම්පාර පන්නල් ගම බක්මිටියාව ගම්මානයේ ලාහුගල වනෝද්‍යානයට ඇතුළු වූහ. පොලිස් නිලධාරින් 50ක පමණ පිරිසක් විසින් එම ගංජා හේන විනාස කිරීම සඳහා අද අලුයම ලාහුගල සීමාවෙන් වනෝද්‍යානය වෙත පිවිස දිනක් තුල අක්කරයක පමණ ප්‍රමාණයක් විනාස කරල ලදී. මෙම ගංජා වගාව සඳහා එම පුද්ගලයන් විසින් වන උද්‍යානයේ ගස් 1500කට වැඩි ප්‍රමාණයක් කපා කොටා ගිනි තබා විනාස කර තිබිණි.
මෙම ගංජා හේන, නැගෙනහිර පළාතේ මෙතෙක් වගා කර පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති විශාලතම ගංජා හේන ය. මෙම ගංජා හේන වගා කර ඇති අතර එම ප්‍රදේශය අලින්, වලසුන් ගහනව සිටින ප්‍රදේශයකි. එම භූමිය තුළ ඉතා වටිනා බුරුත, වීර, කළුවර, ඇතුළු ගස් මෙසේ කපා බිම දමා, ගිනි තබා වගා කර තිබේ.
අක්කරපත්තුව, සම්මන්තුරේ, කල්මුණේ, පොතුවිල් සහ කොළඹ ප්‍රදේශයන්ට ද ගංජා බෙදාහැරීම මෙම වගාකරුවන් විසින් සිදු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා
Pradeep Tuesday, 23 February 2021 11:41 AM
අක්කර 15ක භූමියක් පුරා තිබූ ඔය කියන වටිනා ශාක විනාශ කර එළිපෙහෙලි කර කංසා වගාකරන තුරු ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණු අදාල ප්‍රදේශය බාර වනසංරක්ෂණ නිලධාරින් ඇතුළු අනෙකුත් වගකිවයුතු නිලධාරීන්ටත් මේ සමගම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. කවුරු කොහොම කිව්වත් වත්මන් රජය බලයට පත් වූ දා පටන් වනාන්තර විනාශය වැඩි වී ඇති බවයි මට නම් පෙනෙන්නේ... එසේත් නැත්නම් පැවැති රජය යටතේ සිදුවූ විනාශයන් හෙළි නොවී වත්මන් ඒවා පමණක් හෙලිවනවා විය යුතුයි. කෙසේවුණත් අවසානයේ සිදුවන්නේ නැවත පිළිසකර කළ නොහැකි ලෙසින් සිදුවන මහා පාරිසරික විනාශයන්ය...
nihal Wednesday, 24 February 2021 06:38 PM
මේවා මෙහෙම වෙන්නේ අඩුකුලේ බව... වැනි තත්වය නිසා එම කොටසට පළාතේ සියලුම දේශපාලුවන්, වන නිලධාරීන් සහ පොලීසිය ඇතුළත්වේ.