(සුජිත් හේවාජුලිගේ )
විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
විදුලි බිල වැඩි කළත් ප්‍රමාද ගාස්තු වැඩිවීම සහ සහ උත්පාදන පිරිවැය සැලකිය යුතු වැඩිවීම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇතැයිද එහි දැක්වේ.
එසේම මණ්ඩලයේ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාවූ මූල්‍ය පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි 2326ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පවසන වසර මැද මූල්‍ය වාර්තාව බැංකු ණය පොළී අනුපාත ඉහළ යෑම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවද සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ ගල් අඟුරු මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස සෘජු උත්පාදන පිරිවැයද සියයට 55 කින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මෙම වසරේ මුල් මාස හතරේදී විදුලිය බලය සඳහාවූ ඉල්ලුම පසුගිය 2022 වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී ගිගාවොට් පැය 4935 සිට ගිගාවොට් පැය 4516ක් දක්වා සියයට 22 කින් අඩුවී ඇතැයිද එහි සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී විදුලිය අලෙවියෙන් උපයා ගත් ආදායම රුපියල් කෝටි දහ අට දහස් එකොළහක් බව වසර රාජ්‍ය මූල්‍ය තත්ත්වය වාර්තාව වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලයේ පාඩුව ආවරණය කර ගැනීම පිණිස යළිත් වරක් විදුලි බිල වැඩි කරමින් පාරිභෝගිකයාට බර පැටවීම සිදු නොකොට ආයතනයෙහි පවතින දුෂණ, වංචාවන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහ කලින් කලට බඳවා ගැනීම් හේතුවෙන් අද වනවිට අතිරික්ත සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම විය යුතු බව පුරවැසියන්ගේ එකම අදහසයි...
විදුලි බිල වැඩි වුණත් මණ්ඩලය පාඩුයි කියන්නේ ඔවුන්ගේ අකාර්ය්යක්ෂමතාවය නෙවෙයිද? එහෙම නම් ලෙඩට බෙහෙත දෙනවා මිස බිල වැඩිකිරීමෙන් ප්රශ්නය විසඳේද?
පෞද්ගලික අංශයට පවරන්න. එකම විසඳුම එයයි. ජරාව කෑම අකාර්යක්ෂමතාව නැතිවූ විට ලාභ ලබයි. බදුත් ගෙවයි....
මේකේ ඉන්න අයගේ මාසික වැටුප කීයද? ඕටී කීයක ගෙවනවාද? මේ සියළු බර පාරිභෝගිකයා පිට දැනටත් පටවලා ඉවරයි. කොමිස් ගැහිලි, දූෂණ නැවැත්තුවොත් මේ අලාභයට සමාන ලාභයක් ගන්න පුළුවන්.... අනෙක විදුලි පාරිභෝජනය අඩුවුණේ බිල වැඩි කරපු නිසා. ඒක බිල වැඩිකරනකොට හිතුවේ නැත්ද? ඇමැතිවරයා කිව්වේ මේ බිල වැඩි කළාම හරි කියලා. දැන් මොකද කියන්නේ...? මෙයාලා මේකත් ප්‍රයිවෙට් දෙන්න පාර කපනවා...
ඇයි මේ විකාරෙ විකුණලා දාන්නේ නැත්තේ...?
මනු කියවන්නන්ගේ වැටුප, ගුරුවරයෙකුටත් වඩා කීප ගුණයකින් වැඩියි. මනු කියවන්නන්ට තියෙන රාජකාරියයි, ගරුවරයෙකුට තියෙන රාජකාරියයි, වගකීමයි අතර වෙනස අහසට පොළව වගේ... තව මොන කතාද?
තවතවත් ණය අරගෙන ගල් අඟුරු සහ ඩීසල් බලාගාර රටපුරා හදන්න. එතකොට හරි...
ආයතනයේ වංචා, දූෂණ මැඩ පවත්වන්න... ප්‍රශ්නෙ විසඳෙනවා.
හොරකම්, වංචාව, දූෂණය පවතින තැනක් වුණාම ඔහොම වෙනවා තමයි...
ලංවීම පාඩු ලබන්නේ ආයතනයට දැරිය නොහැකි සේවක පිරිසක් සිටීම, ඔවුන්ගේ අකාර්යක්ෂම බව, දූෂණය හා වංචාව නිසා. එබැවින් වහාම ඒ සඳහා පියවර ගත යුතුයි.