
ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන්
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත.
ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් කර තිබේ.
මෙය රොක් ගුවන් යානයේ 8 වෙනි පියාසැරිය වුවත් ටැලොන් හයිපර්සොනික් යානයක් සමග ගුවන්ගත ගත වූ ප්‍රථම අවස්ථාව විය. රොක් ගුවන් යානයේ පියාපත් මධ්‍යයේ ඇති කුළුණකට ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානය සවි වී තිබුණි.ටැලොන් යානය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වඩා වේගයෙන් ගමන් කළ හැකි භාණ්ඩ රැගෙන යාමට නිර්මාණය කර ඇති යානාවක් වන අතර එය දියත් කර යුත්තේ උඩු ගුවනේදීය.
මොහාවි කාන්තාරයට අඩි 23000 ක් ඉහළ අහසේ පැය 5 මිනිත්තු 6 ක කාලයක් ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය පියාසර කර ඇත. මෙම සාර්ථක පියාසැරියත් සමග ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරගැනීමට හැකි වෙතැයි විශ්වාසයක් ඇති වූ බවත් මෙය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවත් දොස්තර සැකරි ක්‍රෙවර් ප්‍රකාශ කර ඇත.
මෙම සන්ධිස්ථානයත් සමඟ මීළඟ පියවර ටැලොන් යානය උඩු ගුවනේදී දියත් කිරීම අත්හදා බැලීම බව දොස්තර සැකරි ක්‍රෙවර් පැවසුවේය.

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි, මෙවැනි දේවල් නිර්මාණය කරන මිනිස්සුන් තමයි අතිවිශිෂ්ඨයින් මේ ලෝකේ... හැබැයි තව ටික දවසකින් කියයි ලංකාවේ කෙනෙක් තමයි මේකේ රෝදයට නට් එක තද කළේ කියලා...
අපේ අයගේ හැකියාවට මේ වනතෙක් කිසිම රජයකින් වටිනාකමක් දීලා නෑ. ලෝකේ ඉන්න මිනිස්සු අතරින් විශේෂ හැකියාවල් තියෙන වැඩි පිරිසක් ලංකාවේ ඉන්නවා.
කවුද අපේ මිනිස්සු කියන්නේ. ඔය "අපේ මිනිස්සු" කියන ජාතියේ අයට මනුස්ස සන්හතියේ අනිකුත් මිනිස්සුන්ට නැති විශේෂ ජාන තියෙනවාද අමුතු බුද්ධියක් ලැබෙන? දියුණු රටවල රැකියාවකට මිනිහෙක් ගන්නේ interview එකක් කරලා සුදුසුකම් බලලා. එකට ඒ මිනිස්සු රට, ජාතිය, සංස්කෘතිය සහ ආගම කියන දේවල් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. ඔයා ඔය කියන විදියට අපේ මිනිස්සුන්ගේ මොලේට ගහන්න මොළ මේ ලොවෙත් නැත්තම් interview එකක් අවශ්‍ය නැහැ. මොකද කෙලින්ම job එකට ගන්නවා මොළේ තරමට. මම දන්නා තරමින් මේ රටවල interview නොකර කවවත් රැකියාවකට ගන්නේ නැහැ. ඒක හින්දා ලොකු විවිදත්වයක් තියෙනවා මෙහෙ රැකියා ස්ථාන වල වැඩ කරන මිනිස්සුන්ගේ. විශේෂ, අමුතු හෝ ලොකු මිනිස්සු නැහැ.