(සුජිත් හේවාජුලිගේ )
ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ( සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ,ප්රකාශනවල ප්‍රගතිය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ති ෙබ්.
මෙම ඉහළම පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාඥයෝ 22ක් සහ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.
මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියයි.
රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඔහු එම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර එකොළොස් වැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසට ඇතුළත් වන මෙරට සෙසු විද්වතුන් වන්නේ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයේ ව්ලද්මීර් සමක්තින්, ස්ටෙෆන් යූහෙලන්බෲක්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජානක ඒකනායක, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍රසේකර බී දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එස්.ඒ.එම් කුලරත්න , කැලණිය විශ්වවිද්‍යාලයේ නිලන්ති ද සිල්වා , කැලණිය විශ්වවිද්‍යාලයේ එච්.ජේ ඩී සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ , කැලණිය විශ්ව විද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ රන්ජන් රාමසාමි , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේශා මෙන්ඩිස් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීලිකා මලවිගේ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාමිණී මෙන්ඩිස් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිමල් සේනානායක , රජරට විශ්ව විද්‍යාලයේ සුනෙත් අගම්පොඩි, කොළඹ විශ්වවිද්‍යාලයේ සරෝජ් ජයසිංහ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර,කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසිත ද සිල්වා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද යන මහත්ව මහත්මීහු ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන පොහොරවල බැක්ටීරියා තියෙනවා කියලා හොයාගත්ත මහාචාර්යතුමාත් මේ ලිස්ට් එකේ ඉන්නවද?
අපේ රටට උගතුන්, බුද්ධිමතුන් අඩුවක් තිබුනේ නෑ කවදාවත්. රටට ආදරේ නැති අය රට දාලා යනවා. රටට ආදරේ අය රටේ ඉන්නවා. එයාලාගෙන් රටට විශාල වැඩක් කෙරෙනවා. තවත් වැඩ ගන්නට පාලකයින්ට මේ වාර්තාව හේතුවක් වේවා...!
අපේ රටේ අභිමානය නේද මේ පෙන්නුම් කරන්නේ? ඒ වුණාට සමහර රටවල අය අපේ අය ගණන් ගන්නේ නෑ... අපි නිවට නැත..
ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉන්නේ පොතේ උගතුන් විතරයි. කිසිම ප්‍රායෝගික වැඩක් බැහැ. පර්යේෂණ පත්‍රිකා පලකළ පමණින් රටට වෙච්ච සෙතක් නැහැ. ඒවා රාමු කරලා අනුන්ට පෙන්නලා තමන් අනුන්ට වඩා උසස් කියලා පෙන්වන්න පුලුවන්. නියම ප්‍රායෝගික උගතුන් තමන්ගේ පර්යේෂණවල ප්‍රථිපල නිෂ්පාදන බවට පත්කරලා ලෝකයේ සියලු දෙනාගේම අභිවෘද්ධිය සලසනවා. ඒ මගින් විදේශ විනිමයත් ලැබෙනවා. මේ ලිස්ට්එකේ ඉන්න උගතුන්ගෙන් පර්යේෂණ පත්‍රිකාවක් ලිවීමට අමතරව සිද්ද වෙච්ච එක ප්‍රායෝගික නිෂ්පාදනයක් නම් කරන්න කියලා මම අභියෝග කරනවා...
සමහරු කියන කතා මොන මානසික තත්වයකින් කියනවද කියලා හිතාගන්න බැහැ..
මහාචාර්ය චන්න ජයසුමන මහත්තයත් මේ ලැයිස්තුවේ ඉන්න නිසා අපේ ජවිපෙ සහ සජබ, යූඇන්පී හිතවතුන් කියන්න බැරි නැහැ මේ තෝරා ගැනීම සඳහා ආණ්ඩුව බලපෑම් කරලා කියලා...
ලංකා මාතාවගේ දුදරුවන් වන මේ සියලුම ලාංකිකයන්ට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර මෙම පැනය ඔබ සැමගෙන් ඍජුවම විමසීමට කැමැත්තෙමු. ඔබලා රටේ තිබෙන නිදහස් අධ්‍යපනයෙන් ඉහලටම ඉගෙන ගෙන තමන් උපන් ඒ තමන්ගේ මතෘභූමියට කිනම් සේවයක් කලේද යන්න දැනගැනුමට කැමැත්තෙමු.
සුබ පැතුම් !....
ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට (සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. මෙවා කියන විට ජෙප්පනට ඌරු ජුවල් ඇති. සජබයෝ නොදැක්කා වගේ ඉන්නවා ඇති. එජාපයෝ බීරන් වගේ ඉන්නවා ඇති...
මෙම සංඛ්‍යාව මීට වඩා වැඩියි. මෙහි බොහෝ දෙනෙකුට නොපෙනෙන පැතිකඩ වන්නේ පිළිකාව සඳහා බෙහෙත් සොයා ගැනීමට දායක වූ ශ්‍රී ලාංකාවේ උපත ලද විද්‍යාඥයින් කිහිප දෙනෙකුම විකිරණවලට නිරාවරණය වූ නිසා යැයි අනුමානය පවුලේ අයට ඉතිරිකර ඉතා ආසන්න කාල වකවානුවලම පිළිකාවෙන්ම මිය යාමයි. මොවුන්ට අවශ්‍ය ගෞරවය පිරිනමන්න රටේ ඉහළ තැන්වල අයට අවශ්‍ය නැති අතර දේශපාලකයින්ගේ පාද පාමුල වැටෙන අයට පමණක් සලකන බව කොවිඩ් වකවානුවේ සියළු දෙනා දැනගත්තා. ඒ වගේම එක එක සංවිධානවලින් බොරු ආචාර්ය පදවි ගත්ත අයත් ලංකාවේ අඩුවක් නෑ. සැබෑ වියතුන් දැන් හඳුනා ගැනීමත්... ඒ නිසා අභියෝගයක් වෙලා....
මේ ඔක්කොම හරි ඔක්කොම උගතුන්ට මගේ හදපිරි සුබපැතුම්... නමුත් මේ නාථ දෙවියන් පස්සේ ගිය, හොර පැණි කාරයින් ප්‍රමෝට් කරපු, දේශපාලකයින්ට රෙදි නැතුව කඩේ යන ඊනියා මහාචාර්යවරුනුත් මේ ලිස්ට් එකේ ඉන්නේ කොහොමද? සුද්දන්ටත් පිස්සුද?
චන්න ජයසුමනගේ නම තිබෙනවා නම් මර්වින් සිලවාත්, තිලංග සුමතිපාලත් මේ ලැයිස්තුවේ සිටිය යුතුයි. මේ සියලු දෙනාම එකම ප්‍රමාණයට උගත් අය.
කෝ දැන් මේ ලිස්ට් එකේ ඔය පාර්ලිමේන්තුවේ මෙතුමා ගැන කියපු කොහෙන්ද උපාධී ගත්තේ කියලා අහපු අය...? මේ සල්ලි දීලා ගත්ත දේවල් කියලා කියයිද දන්නේ නෑ. ඔන්න ඒකට උත්තරේ හම්බවෙලා තියෙනවා. ඔබතුමාට ජය..!.
ලංකාවේ මිනිස්සු තමන්ගේ රටේදී මෙතුමන් පිළිගත්තේ නැති වුණාට මේ තමයි මෙතුමාට ලෝකයෙන්ම තියෙන පිළිගැනීම... තව කාරණා මොකටද? කාගෙකාගෙත් කටවල් දැන් වැහෙයි. කටවල් දැන් වැහෙයි. කතාකරානම් දේකුත් නැහැ.. දැන් ලේසි පහසු නෑ... 2%ක අතරට තේරිලා තියෙන්නේ. මෙතුමන්ට ඒ හොඳටම ඇති... ඇමැතිධුරය දරන්න. තව විවේචන මොකටද?
බඩගෝස්තරවාදී විපක්ෂය සහ ඔවුන්ට කඩේ යන වහලුන් මෙතුමන්ට විවිධ මඩ ප්රහාරයන් දියත් කළා... ඒ මොනවා වුණත් නිහඬවම ඒ සියල්ල විඳගනිමින් සියලු දෙනාටම ඔහුගේ හැකියාවන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ඒ හැර තව කියන්න දෙයක් තියෙනවද? පෙරළා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් උපාධිය ලබාගත්තේ මුදලටද යන්න පමණි.. ඔබතුමාගේ ජයග්‍රහණයට ජය ඇමැතිතුමනි...
ලංකාව තරම් පුංචි රටකට මේ වගේ තැනක් හම්බවෙනවා කියන්නේම රටේ වාසනාව... ඒ අතරිනුත් දේශපාලනඥයකු මෙවැනි තැනකට පැමිණිම ගොඩක් සතුටු හිතෙන කාරණාවක්... ඔබතුමාට දේශපාලඥයකු විදියට පහුගිය කාලේ විශාල බලපෑම් ගොන්නකට මුහුණ දෙන්න වුණා. ඒත් එක්කම ඔබතුමාට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම මගින් දැන් ඔවුන්ගේ ගැටලුවලට ලෝකයා විසින්ම පිළිතුරු ලබා දී තිබෙනවා. ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්...!!!
රටටම ආඩම්බරයක් ගෙනාපු ඔබතුමා වගේ විද්වතෙකු අමාත්‍ය මණ්ඩලේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔබට සුබ පැතුම්...!!!
ගොඩක් සතුටුයි ලංකාවේ ඉඳන් පරීක්ෂණ කරලා ලෝකයෙන්ම අපේ රටට කීර්තියක් ලබා දුන්නාට. ඔබලා වගේ අයගේ වටිනාකම අපේ රටේ සිංහල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අපේ ගොඩක් අය ඉරිසියයි... කුහකයි...