
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් පතලකින් හමුවූ බව කැනේඩියානු දියමන්ති සමාගමක් වන ලුකාරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැරට් 2492 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තියද වන බව එම සමාගම පැවැසුවේය.
මෙම දියමන්තිය එක්ස්-රේ තාක්ෂණය භාවිත කරමින් මෙම දියමන්තිය සොයාගත් බවත් ඊසානදිග බොට්ස්වානා පළාතේ කරෝවේ දියමන්ති පත්ලෙන් දියමන්තිය හමුවූ බවත් ලුකාරා දියමන්ති සමාගම ප්‍රකාශ කළේය. ලුකාරා සමාගම මෙම දියමන්තියට වටිනාකමක් ලබාදී නොමැති අතර මෙම දියමන්තිය දෙවැනි වන්නේ 1905 වසරේ සොයාගත් කැරට් 3016 ක්වූ කලිනන් දියමන්තියට පමණක් බව එම සමාගම පැවැසුවේය.
කෙසේ නමුත් මෙම දියමන්තිය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1207 ක් පමණ) පමණ වන බව දියමන්තිකරුවන් ඇස්තමේන්තු කර තිබේ.
ලුකාරා දියමන්ති සමාගම මෙම දියමන්තිය ඊයේ (22) දින බොට්ස්වානා ජනාධිපති මොක්ග්විට්සි මසීසිට පෙන්වා ඇති අතර බොට්ස්වානා රජය එම දියමන්තිය ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බව පිළිගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑර්ගේ කාලයේ අපිටත් හම්බ වුණේ මිල කළ නොහැකි ලෝකයේ විශාලතම මැණික් පොකුර, ඒකට මොකක්ද අප්පා සිද්ද වුනේ...!
රටට අහිමි සම්පත්. අපිට අනාගතේ වෙන්නෙත් මෙහෙම බලාගෙන ඉන්න. 1956න් ආරම්භ වූ ණයට කන නිකමුන්ගේ සහ හොරාකාලා බඩ පුරවගන්න දේශපාලන සංස්කෘතියට පින්සිද්ධ වෙන්න. අවසානයේ හොරු පවුලක් රටම බංකොළොත් කලා. ඒත් අපේ මෝඩ හැත්ත තාම බොරු පොරොන්දුවලට ඡන්ද දෙනවා....
අර රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම නිල් මැණික කවුද ගත්තේ?
හරිනම් මේ වෙනකොට, මේ වගේ එකක් ලංකාවෙනුත් හම්බවෙන්න ඔන්න මෙන්න තියෙන්න ඕනේ! මන්නාරමෙන් තෙල් ලැබෙන්න ඔන්න මෙන්න ආව වගේ .
ඔහොම දෙයක් මේ රටේ වුණා නම් කෙළින්ම මැදමූලනේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙනවා...!
අනේ මන්දා හරි නම් මේ වගේ එකක් ලංකාවෙත් හම්බවෙන්න ඕනෑ...