
(ආරියරත්න රණබාහූ සහ ළහිරු හර්ෂණ)
ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය.
ඔවුන්ගේ මංගල උත්සවය චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේදී පැවැත්විණි
ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ පෙරලිකාර ක්‍රීඩිකාවක් වන තර්ජනී 45 හැවිරිදි පසුවන අතර ඇයගේ උස අඩි හයයි අගල් දහයකි
2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ඇස් කරගත් ක්‍රීඩිකාව වූ ඇය 2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම විඳින්නිය ලෙස සම්මානයට ද පාත්‍ර වූවාය
2009 දී වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ක් නියෝජනය කළ තර්ජනී 2018 2022 වසර වල ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු මෙහෙයක් කළාය ඇය ක්‍රීඩා කළ 2012 2014 සහ 2016 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අනුසූරියෝ බවට පත් වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ මංගලම් ...සර්වප්‍රකාරයෙන්ම ඔබ දෙපලගේ දිවිය සාර්ථක වේවා!!!
වසර ගණනාවක් ශ්‍රීලංකා දැල් පන්දු ක්‍රිඩාව ජයග්‍රහණය කිරීම සදහා උර දූන් වීරවරියක් වන තර්ජනී සිවිලිංගම්ට සුබ මංගලම් කියා පතමි.
සුබපැතුම් තර්ජනී....!!! ඔබගේ නව දිවිය ඉතාමත් සාර්ථක වාසනාවන්ත එකක්ම වේවා. ඔබ ඇත්තටම මුළු ලෝකයේම නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට තර්ජනයක් වුණා වගේම නොකඩවා ජයග්‍රහණය ලැබුවා. ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ගැන කතාකරද්දී කවමදාකවත් අමතක නොවන නමක් තර්ජනී.
ඉන්දියාව නැතුව මගුලක් කෙරෙන්නෙත් නෑ දැන් ලංකාවේ...
සුබ මංගලම්!
උසම දැල්පන්දු ක්‍රීඩිකාව කිව්වට හස්බන්ඩට වඩා කොටයිනේ.
කෙසේ හෝ ඔබට සුදුසු පුද්ගලයකු ලැබීම ගැන මම සතුටු වෙමි. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඔබ තුමියට ධෛර්යය ශක්තිය ලැබේවා කියා මම පතමි.
ඔබතුමීගේ විවාහ ජිවිතය සාර්ථික වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලට සුබ පතනවා
ඔබ දෙපලට සුබ පතනවා. අපේ එක් ක්‍රීඩා කාන්තාවක් සහ විශිෂ්ට ක්‍රීඩා තානාපතිවරියක් අපට මග හැරෙනු ඇත.
සුබ මංගලම් තර්ජීනි
ලංකා මාතාවට දැල් පන්දු ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් ලබාදුන් දක්ෂ ක්‍රීඩිකාවක්. ඔබට නිසි ඇගයුමක් ලැබුණාදැයි සැකයි. ඔබ දෙපලගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.. සුබ මංගලම්