
(ප්‍රදීප් කුමාර)
කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනයවූ දුම්රියක වවුනියාව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් අද (01) සවස ගැටී සිදුවූ අනතුරකින් කුඩා ගැහැණු දරුවෙකු හා ඇගේ මව පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි.
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලවූ දුම්රිය හරස් මාර්යේදී මෙම අනතුර සිදුව තිබේ.
වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගය මෙම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති අතර අදාළ කුඩා ලොරි රථය මෙම හරස් මාර්යේ ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව තිබේ.
මෙහිදී අදාළ ලොරි රථයේ ගමන් ගත මව පියා හා ඔවුන්ගේ සිව් හැවරිදි දියණිය තුවාල ලබා වවුනියාව මහා රෝහලට ඇතුලත් කොට තිබේ.
අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවුලේ වාහනේ වෙලා තියෙන්නේ ස්කූටර්, ත්‍රීවීල් එක සහ කුඩා ලොරි තමයි...