(ප්‍රදීප් කුමාර)
කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනයවූ දුම්රියක වවුනියාව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් අද (01) සවස ගැටී සිදුවූ අනතුරකින් කුඩා ගැහැණු දරුවෙකු හා ඇගේ මව පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි.
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලවූ දුම්රිය හරස් මාර්යේදී මෙම අනතුර සිදුව තිබේ.
වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගය මෙම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති අතර අදාළ කුඩා ලොරි රථය මෙම හරස් මාර්යේ ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව තිබේ.
මෙහිදී අදාළ ලොරි රථයේ ගමන් ගත මව පියා හා ඔවුන්ගේ සිව් හැවරිදි දියණිය තුවාල ලබා වවුනියාව මහා රෝහලට ඇතුලත් කොට තිබේ.
අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලොරියක් දුම්රියේ ගැටී එකම පවුලේ තුනක් රෝහලට
ගුණරත්න Monday, 01 September 2025 11:52 PM
අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවුලේ වාහනේ වෙලා තියෙන්නේ ස්කූටර්, ත්‍රීවීල් එක සහ කුඩා ලොරි තමයි...