(ශාන්ත චන්ද්‍රසිරි)
කොට පැටවීම සඳහා භාවිතා කරනු ලබන ලොරි රථයක් (බුම් යන්ත්‍රයක්) නානුඔය, රදැල්ල, වංගිඔය වත්තේ පහළ කොටසේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට අද (23) පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.
තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබුවන් සියල්ලම ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කොට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වතුයායේ කපන ලද ගස් තොගයක් ලොරි රථවලට පැටවීමට භාවිතා කිරීම සඳහා මෙම රථය රැගෙන යමින් සිටියදී වතු මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
නානුඔය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොරිය පෙරැළී අයෙක් මරුට:තුනක් රෝහලට