(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ලියුම් බෙදන්නකු අයිස් මත්ද්‍රව්‍ය සමග අතුරුගිරිය පුංචි අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිල ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා වෙනත් වැටලීමක යෙදී සිටියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ යළි නිවස කරා යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්තේ ලියුම් බෙදන අතරවාරයේදී බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයා සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගෙන එම ජාලයේ ප්‍රධාන මොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
37 වියේ පසුවන සැකකරු හෝමාගම මහින්ද මාවත පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලියුම් සමග කුඩු බෙදූ පියුම් මාමා මාට්ටු
වීරසිංහ Monday, 25 December 2023 05:43 PM
රජයේ සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා... එයට අමතරව අධිකරණය මගින් දඬුවමක් දෙන්න පුළුවන්... සමහර විට අධිකරණයෙන් නිදහස් වුණත් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා...