(සුමිත් පොතුපිටිය)
විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
පහරදීම සිදුකළ වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්දයෙන් රතු නිවේදනයක්ද නිකුත් කර එයද නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු නිවසට ගොස් ඇති අතර, සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැතැයිද පොලිසිය කීය.
විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත් එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයන් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය කීය.
පහරකෑ විදුලි සේවකයන් තිදෙනා පොලිසියට පැමිණ පැමිණිලිකර පොලිසිය සමග ගොස් විදුලිය විසන්ධි කර ඇති බව පොලිසිය කීය.
පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන නමුත් , සැකකරු ප්‍රදේශයෙන් පලගොස් ඇති බවත් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලයිට් කපන්න ගිහින් ගුටිත් කාලා
Rohan Tuesday, 01 August 2023 07:05 AM
ඔක්කොගේම පාර්ට් පොඩි මිනිස්සුන්ට... අපි අපි මරාගන්නවා. රට කාපු මහ උන් සැපට ඉන්නවා.