(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේත් දින දෙකක් පමණක් රැස් වනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් එක දිගට පැවැත්වීම අවදානම් බවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු බලධාරීන්ට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් ලබන(16) පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී තීරණයක් ගැනෙණු ඇත.
පාර්ලිමේන්තු අවසාන රැස්වීමේදී මැතිසබය ලබන 21 වැනිදා දක්වා කල්තබා ඇති හෙයින් පාර්ලිමේන්තුව
ස්ථාවර නියෝග අනුව එදින අනිවාර්යෙන්ම සීමිත වේලාවකට හෝ රැස් විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට එහි සේවකයන් මේ දිනවල කැදවෙන්නේ
අවශ්‍යතා අනුව ඉතා සීමිත කණ්ඩායම් වශයෙන් යැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මල හත්තිලව්ව වහලම දාන්න...