
(අමිල චින්තක ගමගේ)
ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා සදහන් කළේය.
ඊට නායකත්වය ලබාදීම සඳහා ජාතික ජනතා පක්ෂය සූදානම් බවත් ඔහු සඳහන් කළේය.රට තිරසාර ගමනකට ගෙන යාම තම පක්ෂයේ අරමුණ බවත් මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසුදු දක්ෂිණාංශික කණ්ඩායමකට පමණක් බවද ඔහු පවසයි.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තම පක්ෂයට මන්ත්‍රී ආසනයක් ලබා දෙමින් උඩුගං බලා පීනන ගමනට ජනතාව ශක්තියක් වී තිබෙන බවද ඔහු කීය.මේ රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇති කිරීම සඳහා සාම්ප්‍රදායික පවුල් දේශපාලනයෙන් පිට නව කණ්ඩායමක් ජනතාව සොයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.තම පක්ෂයට ආසනයක් දිනා දුන් ඇල්පිටියේ ජනතාවට ස්තුති කරන බවට ඔහු සදහන් කළේය.
මේ අදහස් ඔහු පළ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන දකිනවා වගේ...!
හීන දකින එක හොඳයි. ඇහැරුනාම තමයි අවුල...
මීයෙක් රා බීලා....
මීට දෝදු නිශ්ශංක...
කවුද මේ භූතයා?
මට නම් පේන්නේ බෙර කාරයාට පෙර කසකාරයා එවලා වගෙයි, තමුන්ට කැමැති බල හුවමාරුවක් හෝ පෙරළියක් හෝ කර ගත්තට කමක් නැහැ. අහිංසක අපි තෙල්, ගෑස්, හාල් පෝලිම් වල හිර කරන්නේ නැතුව...
මෙයා තමයි අර මෝඩාභිමානය කියලා එකක් ගෙනත් රටේ සංස්කෘතියටයි, සදාචාරයටයි බැන බැන කතා කියන වැඩසටහන කරලා මැරෙන්නේ නැතුව බේරිච්ච කෙනා. බුදුහාමුදුරුවන්ටයි, ජේසුස් වහන්සේටයි කතා හදලා අධිකරණෙනුත් චෝදනා එල්ල වුණා ඔවුන්ට. මේ වගේ ජෝකර්ලා දුටු තැන එලවන්න ඕනෑ...!
මේ කව්දැයි නම් දන්නේ නැත. නමුත් බොරුකාර, කයිවාරු කාර අනුර කුමාර රජය යටතේ නම් රටට ගමනක් නොමැත. ඉරිසියාව ක්‍රෝධය පමණක් රටක් කිරීමට මදී බව මේ මාසයක පමණ කාලයේ දී රටට පෙන්වා දීමට ගරු ජනපති සහ අගමැතිත්, වී. හේරත් ඇමැතිත් සමත්ව ඇත. කඩාකප්පල්කාරී වෘත්තිය සමිති නායකයින් කීප දෙනෙක් ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් කිරීම නිසා වැඩ වර්ජන නම් කාලෙකට ඇති නොවනු ඇත. නමුත් මේ කයිවාරු කාරයින් පසුගිය කාලය පුරා ඇද බෑවේ බේගල් පමණක් බව මිනිසුන්ට ඒත්තු යනවා ඇත. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ වසර නොදන්නා "සමාජ විද්‍යාඥ" අගමැතිවරියක් සහ වචන වෙනස් කිරීම සෙල්ලමක් මෙන් කරන, සල්ලි අච්චු ගැසීම සහ ණය ගැනීම පමණක් දන්නා ජනපතිවරයෙක් යටතේ රට තම්බුත්තේගමිනුත් පහළට මිස උඩට නම් නොඑනු ඇත. රනිල් ඉතිරි කළ මුදල වියදම් කරමින් මහා මැතිවරණ පැවැත්වීමේ "ප්‍රජාතන්ත්‍රවාදයේ රහ" ශ්‍රී ලංකාවේ ළඟ චූන් මැද පන්තියට තේරුම් යනවිට රට අගාධයේ පතුලේය. "76 සාපය" කෙතරම් නම් වාසනාවක් ද යන වග එවිට රට දැන ගන්නේ ය.
මෙයා තමයි ලංකාවේ ජනාධිපති.. 2024 ජනාධිපතිවරණය දිනපු මහත්මයා.. ගෙදර මිනිස්සුන්ගේ ඡන්ද 4න් තමයි ජනාධිපති වුනේ...
ඔය කියන අනාවැකි අහන්නේ ඔයා සහ ඔයාගේ පිරිවර විතරයි. එයාලා ගැන අනාවැකියක් කියාගෙන තියෙන දෙයක් කාලා බලන් ඉන්න.
මෙරට කිසි දිනෙක සමාජවාදී රජයක් සාර්ථක නොවූ අතර ඉදිරියට එය කොහෙත්ම වන්නේ නැත. අනුර කුමාරගේ රාජ්‍ය පාලනය හරියට යසලාලක තිස්ස ගේ රාජ්‍ය පාලනයට වෙනස් නොවන ලකුණු දැන්ම පෙනේ. 70-77 කාලයේ ඇන්. ඇම් ලාගේ , සිරිමගේ ආණ්ඩුව යටතේ ජනතාවට හිඟා නොකා හිඟා කන්නත්, සාගතේ මිය යන්න වීමත් තව වටයකින් ජ. වී. පෙ. ආණ්ඩුව යටතේ වන බවට කිසිම සැකයක් තවත් නැත. අහන්න ඇත්තේ “දැන් සැපද?” යන්න පමණි.
මෙයාට මොනවද කැවිලා..? අර නිසංසලා වගේ රත්නපුරේ නව ලක් අම්මා වගේ අය කිට්ටු කරගෙන ඉන්න පොරක් මෙයා. ලොරි ටෝක්ස් වල නම් අඩුවක් නැහැ. අපිව අන්දන්න එන අලුත්ම සෙට් එක...!
පව්, පිස්සු වැඩක්... අනේ ඉතින් කවුද මේ..?
ප්‍රාදේශීය සභාවකටවත් එන්න බැරි ගොබ්බයෝ ලොරි ටෝක් දෙන හැටි. මෙයා පල්හොරෙක් කියලා කව්රුත් දන්නවා...!
දවල් හීන...
තඹුත්තේගම දැන අතීතයේ මිනිස්සු දන්නවා.
අපි ඔහුට අනුකම්පා කරමු. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
ප්‍රාදේශීය සභාවට ජනප්‍රිය චරිතයක් දාලා මන්ත්‍රී ආසනයක් ගත්තම රටක් අල්ලන්න පුළුවන් කියලා හිතන් ඉන්න මෝඩයෙක්. ඕනෑවට වඩා ඉදිමෙන්න උඩයන්න එපා මහත්තයෝ.
මෙයා නේද මංකි නිශංක කියන්නේ, මෙයා එදා ඉඳලාම කඩේ ගියේ මෝඩ ගවානෝට, පස්ස පැත්තට පයින් ගහලා එලවලා, ඊට පස්සේ තමා ඔයා රෙද්දක් අටෝගෙන ඉන්නේ...