(විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 ක්.

ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ.

ලෝකයේ 190 කට වැඩි රටවල් අතරින් ශ්‍රී ලංකාව සෑම වසරකම හතරවෙනි ස්ථානය හිමි කරගනී.

ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් සහිත රටවල් අතර ප්‍රථම ස්ථානය සෑම වසරකම හිමි කරගන්නේ මියන්මාරය වේ.

මියන්මාරයේ ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව තිස් දෙකක්.