(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකය හරියට කළමනාකරණය නොකළොත් රටේ සියලු ජනතාවට  ටින් එකක් අරගෙන රටවල් ගානේ ගොස් සිඟා කන්නට සිදුවනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ලූනු ගෙඩි දෙකක්, කැරට් අලයක් අරගෙන ගෙදර යන ජනතාව දැකීම සංවේදී දර්ශනයක් බව කී ගමගේ මහත්මිය විපක්ෂයට මේ ප්‍රශ්නයෙන් රට මුදා ගන්නට ක්‍රමයක් තිබේදැයි ප්‍රශ්න කළේය.

වැට් බද්ධ වැඩි කර ජනාධිපතිවරයා වින්දනයක් නොලබන බව කී රාජ්‍ය අමාත්‍යවරිය සදාකල්ම ණය ඉල්ලමින් ඇවිදින  පරපුරක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ දර්ශනය නොවන බව ද සඳහන් කළේය.